ජනපති පුවත්

ගෝලීය අව­ශ්‍යතා සැල­කි­ල්ලට ගනි­මින්  ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­නයේ ඉදිරි සැල­සුම් සකස් විය යුතුයි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක 

උපාලි කරු­ණා­රත්න 

ගෝලීය අව­ශ්‍යතා නිසි පරිදි සැල­කි­ල්ලට ගනි­මින් ශ්‍රී ලංකාවේ අධ්‍යා­ප­නය සම්බ­න්ධ­යෙන් වන ඉදිරි සැල­සුම් සකස් විය යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රකාශ කළේය.

ජනා­ධි­ප­ති­ව­රයා මෙම අද­හස් පළ කළේ, ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යේදී ඊයේ (16) පැවති අධ්‍යා­පන, විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­වල ප්‍රගති සමා­ලෝ­චන සාක­ච්ඡා­වට එක්වෙ­මිනි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හා අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙනෙ­වි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මෙම අමා­ත්‍යාංශ ප්‍රගති සමා­ලෝ­ච­න­යේදී අධ්‍යා­පන, විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­වල ක්‍රියා­ත්මක ව්‍යාපෘති පහක් සම්බ­න්ධ­යෙන් පුළුල්ව සාක­ච්ඡා­වට බඳුන් කෙරිණි.

පාසල් අධ්‍යා­ප­නය නවී­ක­ර­ණය, ගුරු අධ්‍යා­ප­නය, ද්විතී­යික අධ්‍යා­ප­නය, තාක්ෂ­ණික අධ්‍යා­ප­නය සහ තොර­තුරු තාක්ෂණ අධ්‍යා­ප­නය සංව­ර්ධ­නය කිරීම යන කරුණු මෙම සාක­ච්ඡා­වේදී අව­ධා­න­යට ලක් විය.

මීට අදාළ ව්‍යාපෘති කඩි­න­මින් ක්‍රියා­ත්මක කරන ලෙස ද ජනා­ධි­ප­ති­ව­රයා සහ අග­මැ­ති­ව­රිය මෙහිදී නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්හ.

ශ්‍රී ලංකාවේ ප්‍රග­ම­න­යට ඉව­හල් වන සේ මානව සම්පත වැඩි­දි­යුණු කිරීම සඳහා දරු­වන් දැනු­මෙන් සන්නද්ධ කළ යුතු බව ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඉදිරි අවු­රුදු දහය තුළ ලෝක­යට අවශ්‍ය වන මානව සම්පත නිර්මා­ණය කිරීමේ මෙහෙ­යුම අධ්‍යා­පන නිල­ධා­රීන්ට පැව­රෙන වග­කී­මකි. ඒ සඳහා වන පුළුල් දැක්මක් සහි­තව අධ්‍යා­පන ව්‍යාපෘති සකස් කිරීමේ ඇති අව­ශ්‍ය­තාව ද ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ සියලු පාසල් වඩා ඵල­දායී පාසල් බවට පරි­ව­ර්ත­නය කළ යුතු අතර දරු­වන්ට හිත­කර පරි­ස­ර­යක් නිර්මා­ණය වන සහ සිය­ලුම දරු­වන්ට අධ්‍යා­ප­න­යෙහි ප්‍රවේ­ශය හිමි වන පරිදි පාසල් අධ්‍යා­ප­නය ප්‍රති­සං­වි­ධා­නය කිරීම පිළි­බ­ඳව ද මෙහිදී අව­ධා­න­යට යොමු විය.

උසස් පෙළ සඳහා විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂය නිර්දේශ හදා­රන පාසල් ප්‍රමා­ණය පුළුල් කිරී­මට ද මෙහිදී වැඩි­දු­ර­ටත් සාකච්ඡා කෙරිණි.

ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක මහතා, අධ්‍යා­පන ලේකම් තිලකා ජය­සු­න්දර මහ­ත්මිය ඇතුළු අමා­ත්‍යාංශ නිල­ධා­රීහු පිරි­සක් මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.


ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයට දිගුකාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි

ජන­පති

උපාලි කරු­ණා­රත්න 

අක්‍ර­ම­වත්ව පව­තින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මා­න්තය සංවි­ධිත තත්ත්ව­ය­කට ගෙන ඒම සඳහා දිගු­කා­ලීන ඒකා­බද්ධ ජාතික සැලැ­ස්මක් ක්‍රියා­ත්මක කළ යුතු බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ ඊයේ (16) පැවති කෘෂි­කර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි­මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍යාං­ශ­යෙහි ප්‍රගති සමා­ලෝ­ච­න­යේදී ජනා­ධි­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

රටම ආව­ර­ණය වන පරිදී ග්‍රාමීය දිළිඳු භාවය තුරන් කිරීම සඳහා නව පුළුල් වැඩ­පි­ළි­වෙ­ළක අව­ශ්‍ය­තාව ද මෙහිදී අව­ධා­න­යට ලක් විය.

එම අමා­ත්‍යාං­ශ­වල දැනට ක්‍රියා­ත්මක ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් මෙහිදී දීර්ඝ ලෙස සාක­ච්ඡා­වට බඳුන් විය.

මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංව­ර්ධන ව්‍යාපෘති සම්බ­න්ධ­යෙන් සොයා බැලූ ජනා­ධි­ප­ති­ව­රයා එම ව්‍යාපෘති යම් පම­ණ­කට සාර්ථක වුවත්, එම­ඟින් ග්‍රාමීය දිළි­ඳු­භා­වය කුමන මට්ට­ම­කට විසඳී තිබේ දැයි යන්න ප්‍රශ්න­යක්ව පව­තින බව ද කියා සිටි­යේය.

එම නිසා ඉදි­රි­යේදී ග්‍රාමීය සංව­ර්ධන ව්‍යාපෘ­ති­වල ප්‍රධාන ඉල­ක්කය විය යුත්තේ ග්‍රාමීය දිළි­ඳු­කම පිටු­දැ­කීම බව ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පෙන්වා දුන්නේය.

දුප්ප­ත්කම යනු මුදල් නොමැ­ති­කම පම­ණක් නොව, මිනි­සුන් කොට්ඨා­ස­යක් සමා­ජය තුළ කොන්වීම බර­ප­තළ සමාජ ව්‍යස­න­යක් බව ද අව­ධා­ර­ණය කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ග්‍රාමීය දිළි­ඳු­භා­වය තුරන් කිරීම වෙනු­වෙන් ඉලක්ක සහ­ගත වැඩ­පි­ළි­වෙ­ළක අව­ශ්‍ය­තාව පෙන්වා දුන්නේය.

මෙම සාක­ච්ඡා­වට ජනා­ධි­පති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා­නා­යක, කෘෂි­කර්ම, ඉඩම්, පශු සම්පත්, වාරි­මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍ර­ම­සිංහ, අමා­ත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන්, ව්‍යාපෘති අධ්‍ය­ක්ෂ­වරු ඇතුළු අමා­ත්‍යාංශ නියෝ­ජි­තයෝ එක්ව සිටි­යහ.


සීසෙල්ස් රාජ්‍යයේ නව නීති­පති ලෙස    ශ්‍රී ලාංකේය නීතිඥ  වින්සන්ට් පෙරේරා දිවු­රුම් දෙයි 

මහින්ද අලු­ත්ගෙ­දර 

ශ්‍රී ලාංකි­ක­යකු වන නීතිඥ වින්සන්ට් පෙරේරා මහතා සීසෙල්ස් රාජ්‍යයේ නව නීති­ප­ති­ව­රයා වශ­යෙන් දිවු­රුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ උපන් වින්සන්ට් පෙරේරා මහතා, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නීති­ඥ­යකු, ෆීජිහි නීති­ඥ­යකු සහ සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යකු මෙන්ම සිංග­ප්පූරු සමථ මධ්‍ය­ස්ථා­නයේ පිළි­ගත් මැදි­හ­ත්ක­රු­වකු ලෙස කට­යුතු කර ඇත.

ඒ මහතා කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­පති උපා­ධි­යක් ලබා ඇති අතර, නීති­ප­ති­ව­රයා ලෙස පත්වී­මට පෙර සීෂෙල්ස්හි නීති­පති කාර්යා­ලයේ සිවිල් නඩු අංශයේ නීති උප­දේ­ශ­ක­යකු ලෙස සේවය කර තිබේ.

සීසෙල්ස් රාජ්‍යයේ නීතියේ ආධි­ප­ත්‍යය ආරක්ෂා වන බව දැකී­මට තමා උප­රි­ම­යෙන් දායක වන බව ඒ මහතා ප්‍රකාශ කර තිබෙන අතර රටේ ක්‍රියා­ත්මක වන ක්‍රමයේ වෙන­ස්කම් ඇති අතර වෙනත් අධි­ක­රණ බල­ප්‍ර­දේ­ශ­වල වැඩ කිරීමේ අත්දැ­කීම් තුළින් තමා කට­යුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

නීති­පති කාර්යා­ල­යට රජ­යට නීති උප­දෙස් ලබා­දීමේ වරම ඇති අතර එය රටේ අප­රාධ නඩු පැව­රීමේ සේවාව බව ද ජාත්‍ය­න්තර ගිවි­සුම්, සම්මු­තීන් සහ ගිවි­සුම් මෙන්ම රජය ඇතුළු අනෙ­කුත් සංකීර්ණ ගිවි­සුම් අත්සන් කරන අව­ස්ථා­වල නීති­මය පද­න­මක් සහ­තික කිරීම ද වැද­ගත් බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව සීසෙල්ස් රාජ්‍යයේ නව නීති­ප­ති­ව­රයා වශ­යෙන් දිවු­රුම් දී තිබෙන නීතිඥ වින්සන්ට් පෙරේරා මහතා ඉදිරි සිවු වසර සඳහා නීති­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කරයි.


ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පා­ද­නය සඳහා  කියු­බාවේ අව­ධා­නය යොමුව තිබෙ­නවා 

ශ්‍රී ලංකාවේ කියු­බානු තානා­පති 

නුවන් කොඩි­කාර 

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පා­ද­නය සඳහා කියු­බානු රජයේ අව­ධා­නය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියු­බානු තානා­පති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සා­ලෙස් ගොරිඩෝ මහතා පැවැ­සීය.

අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙන­විය වෙත කියු­බානු රජයේ සුබ පැතුම් එක් කිරී­මෙන් අන­තු­රුව කාර්යා­ලයේ පෙරේදා (15) පැවති සාක­ච්ඡා­වේදී තානා­ප­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ශ්‍රී ලංකාව සහ කියු­බාව අතර ඇති වසර 65කට ආසන්න දීර්ඝ­කා­ලීන රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර ගැනීම, කියු­බානු ආධාර යටතේ ක්‍රියා­ත්මක කළ දැනට නතර වී ඇති මදුරු මර්දන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ පුහුණු ආය­තන සහ විශ්ව­වි­ද්‍යාල සඳහා වෛද්‍ය හා ක්‍රීඩා අධ්‍යා­ප­නය පිළි­බඳ ශිෂ්‍යත්ව පිරි­නැ­මීම, ඇතුළු වැද­ගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණ.

පසු­ගිය වසර කිහි­පය තුළ කියු­බාව මුහුණ දුන් ආර්ථික අභි­යෝග මධ්‍යයේ වුවද, කියු­බාව අඛ­ණ්ඩව ලබා දෙන සහ­යෝ­ගය පිළි­බ­ඳව කෘත­ඥ­තාව පළ කළ අග­මැ­ති­නිය, කියු­බානු අග­මැ­ති­ව­ර­යාට ශ්‍රී ලංකාවේ සංචා­ර­යක් සඳහා නිල ආරා­ධ­න­යක් ද සිදු කළාය.

අග­මැති ලේකම් ප්‍රදීප් සපු­තන්ත්‍රි, අග­මැති අති­රේක ලේකම් මහින්ද ගුණ­රත්න යන මහ­ත්වරු මේ අව­ස්ථා­වට සහ­භාගි වී සිටි­යහ.


හිටපු ඇමැ­ති­වරු රජයේ නිල බංගලා   30 වැනි දාට පෙර භාර නොදු­න්නොත් වැඩ­ව­රදී 

නෙරං­ජලා වික්‍ර­ම­සිංහ 

හිටපු ඇමැ­ති­ව­රුන්ට සහ රාජ්‍ය ඇමැ­ති­ව­රුන්ට ලබා දී තිබූ රජයේ නිල බංගලා ලබන තිස් වැනි­දාට පෙර භාර නොදු­න­හොත් දැඩි නීති­මය පිය­වර ගන්නා බව රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා ලිඛි­තව දැනුම් දී තිබේ.

හිටපු ඇමැ­ති­ව­රුන් රජයේ නිල නිවාස භාර­දීමේ පසු­බෑ­මක් දක්නට ලැබෙන බැවින් මෙම තීර­ණය ගෙන ඇති අතර රජයේ බංගලා නැවත භාර නොදෙන හිටපු ඇමැ­ති­ව­රුන්ට එරෙ­හිව ලබන තිස් වැනිදා වන විට අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගන්නා බව අමා­ත්‍යාංශ ලේක­ම්ව­රයා දැනුම් දී ඇත.

හිටපු ඇමැ­ති­ව­රුන්ට සහ රාජ්‍ය ඇමැ­ති­ව­රුන්ට කොළඹ 07 ප්‍රදේ­ශ­යෙන් ලබා දී තිබූ බංගලා සංඛ්‍යාව හත­ළි­හක් වන අතර දැනට භාරදී ඇත්තේ එයින් බංගලා 11ක් පමණි.


ලාංකේය ජන­තා­වගේ ආර­ක්‍ෂාව සහ යහ­පැ­වැත්ම  අපගේ ආර­ක්‍ෂක යන්ත්‍ර­ණයේ ප්‍රමු­ඛ­තම කාර්ය­යක් 

ජෙන­රාල් ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය අම­ත­මින් ආර­ක්‍ෂක ලේකම් කියයි 

රක්ෂණ ශ්‍රියන්ත 

ජාතික ආර­ක්‍ෂාව පිළි­බඳ සැල­කී­මේදී ලාංකේය ජන­තා­වගේ ආර­ක්‍ෂාව සහ යහ­පැ­වැත්ම අපගේ ආර­ක්‍ෂක යන්ත්‍ර­ණයේ ප්‍රමු­ඛ­තම කාර්ය­භා­රය යැයි ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා අව­ධා­ර­ණය කරයි.

පෙරේදා (15) කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍රණ ශාලාවේ පැවති ජෙන­රාල් ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය අම­ත­මින් ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මේ බව ප්‍රකාශ කළේය.

එප­ම­ණක් නොව සාමයේ, ස්ථාව­ර­ත්වයේ සහ සහ­යෝ­ගි­තා­වයේ වටි­නා­කම පිළි­බ­ඳව ද අප කිසිදා අම­තක නොක­රමු.

උපාධි ප්‍රදා­නෝ­ත්ස­වයේ අව­සන් සැසියේ ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) සහ­භාගි විය.

කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ මණ්ඩ­ලයේ සභා­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කරනු ලබන ආර­ක්‍ෂක ලේක­ම්ව­රයා මෙම උපාධි ප්‍රදා­නෝ­ත්ස­වය සඳහා පැමිණි අව­ස්ථාවේ කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ කුල­පති ජෙන­රල් ශාන්ත කෝට්ටේ­ගොඩ (විශ්‍රා­මික) සහ උප­කු­ල­පති රියර් අද්මි­රාල් ධම්මික කුමාර විසින් ඉතා උණු­සුම් අයු­රින් පිළි­ගනු ලැබීය.

තව­දු­ර­ටත් ආර­ක්‍ෂක ලේක­ම්ව­රයා මෙසේ ද පැව­සීය.

“යුද ගැටුම් නිසා­වෙන් ඇති වන අහි­ත­කර බල­පෑම සහ එහි අමි­හිරි මත­ක­යන් අප සියැ­සින් දැක තිබෙ­නවා. සාම­කාමී පරි­ස­ර­යක් තුළ ඇති සුව­කි­රීමේ බලය ද අත්දැක තිබෙ­නවා. ඔබ ඔබේ ඉදිරි ගමනේ මීළඟ අදි­ය­රට පා තබන විට, ජාති­යක් ලෙස අප අපගේ අතී­ත­යෙන් ඉගෙන ගන්නා පාඩම් ද ඔබ සමඟ ඉදිරි දිවි­යට අත්දැ­කී­මක් කර ගන්නා ලෙස ඉල්ලා සිටි­නවා.”

එහිදී ජාතික ආර­ක්‍ෂක විද්‍යා­ලය, ආර­ක්‍ෂක සේවා අණ සහ මාණ්ඩ­ලික විද්‍යා­ලය, ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය, යුද හමුදා භට කාර්ය­ස­ම්පා­දන විද්‍යා­ලය, නාවික සහ සාග­රික විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය යන අධ්‍ය­යන ආය­ත­න­ව­ලින් මූලික උපාධි, පශ්චාත් උපාධි, මෙන්ම ආචාර්ය උපාධි පාඨ­මාලා සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදා නිල­ධා­රීන්, ශිෂ්‍ය­භට නිල­ධා­රීන්, දිවා විද්‍යා­ර්ථ­යින් ඇතුළු උපාධි අපේ­ක්‍ෂ­කයෝ 1,728ක් මෙහිදී උපාධි ලබා ගත්හ.

ත්‍රිවිධ හමුදා නිල­ධා­රීන්ගේ අධ්‍යා­පන අව­ශ්‍යතා සපු­රා­ලීමේ අර­මු­ණින් 1981 වර්ෂ­යේදී ජෙන­රාල් ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලය ආරම්භ කරන ලදි. අන­තු­රුව එය අංග­ස­ම්පූර්ණ විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට තත්ත්ව­යෙන් උසස් කරන ලද අතර 2009 වසරේ දී සිවිල් උපාධි අපේ­ක්‍ෂ­ක­යන් හටද මෙහි අධ්‍ය­යන කට­යුතු සිදු­කි­රී­මට අව­ස්ථාව සලසා දෙන ලදි. පොදු­රාජ්‍ය මණ්ඩ­ලීය විශ්ව­වි­ද්‍යාල සංග­මයේ සහ ජාත්‍ය­න්තර විශ්ව­වි­ද්‍යාල සංග­මයේ සාමා­ජි­ක­ත්වය දරන කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලය අද වන විට විදෙස් රට­වල සිසුන් ද ඇතු­ළුව ශිෂ්‍ය ශිෂ්‍යා­වන් විශාල ප්‍රමා­ණ­ය­කට මූලික, පශ්චාත් හා ආචාර්ය උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨ­මා­ලා­වන් විශාල ප්‍රමා­ණ­යක් හැදෑ­රීම සඳහා අවශ්‍ය පහ­සු­කම් සහිත අංග­ස­ම්පූර්ණ විශ්ව­වි­ද්‍යා­ල­යක් බවට පත් වී ඇත.

මෙම අව­ස්ථා­වට ආර­ක්‍ෂක මාණ්ඩ­ලික ප්‍රධානි, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන්, පොලි­ස්පති, අනෙ­කුත් විශ්ව­වි­ද්‍යා­ල­වල උප­කු­ල­ප­ති­ව­රුන්, රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රීන්, කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ කළ­ම­නා­ක­රණ මණ්ඩ­ලයේ නිල­ධා­රීන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිල­ධා­රීන්, කොත­ලා­වල ආර­ක්‍ෂක විශ්ව­වි­ද්‍යා­ලයේ අධ්‍ය­යන, හමුදා සහ පරි­පා­ලන කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් සහ උපාධි අපේ­ක්‍ෂ­යන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් ද ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි වී සිටි­යහ.