පාකිස්තානයේ ජනගහනය ඉහළට

වත්මන් ආර්ථික දුෂ්කරතා තවදුරටත් උග්‍ර කරමින් ජනගහනය වේගයෙන් ඉහළ යෑමේ අභියෝගයකට පාකිස්තානය මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2017දී මිලියන 207.68ක් වූ එරට ජනගහනය වසර 2023දී මිලියන 241.49 දක්වා ඉහළ ගොස් ඇතැයි මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම තත්ත්වය අඛණ්ඩව පැවැතියහොත් වසර 2050 වන විට පාකිස්තානයේ ජනගහනය මිලියන 400 ඉක්මවා යනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

පාකිස්තානයේ ජනගහනය ඉහළ යෑම සැලකිය යුතු අවදානමක් මතු කර ඇතැයි ද, එය එරට ආර්ථිකය අස්ථාවර කිරීමට සහ පාරිසරික සම්පත් අවමවීමට සෘජුවම බලපානු ඇතැයි ද පාකිස්තානයේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව, සමාජ හා ආර්ථික යටිතල පහසුකම් සහ පොදු සේවාවන් දැඩි බලපෑමට ලක්වීම ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි ද වාර්තා වේ.