ඇල්ල දෙමෝදර චිත්‍රපට රූගත කිරීම හෙටින් අවසන්

ඉන්දීය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන කාර්තික් ගටාන්නේරු මහතා විසින් අධ්‍යක්ෂණය කරන “මිරායි” තෙලිඟු චිත්‍රපටයේ ශ්‍රීලංකාවේ රූගතකිරීම් හෙටින් (15) වෙනි අවසන් වීමට නියමිතව තිබෙයි.

ඇල්ල දෙමෝදර ආරුක්කු නවය පාලම අසලදී ඉකුත් (09) වෙනිදා රූගතකිරීම් ආරම්භ විය.

සටන් දර්ශන සහ ගීත ගායනා රූගතකිරීම් එහිදී සිදුකෙරුණු අතර මෙම දර්ශන තුර්කියේ ආරුක්කු පාලමක් මත කලින් පටිගතකිරීමට සැලසුම්කර තිබුණත් ශ්‍රීලංකාවේ ආරුක්කු නවයේ පාලමේ සුන්දරත්වය නිසා මෙලෙස එහි රූගතකිරීම් සිදුකෙරිණි.

මෙම චිත්‍රපටය ලොව පුරා  තෙළිඟු,හින්දි,ඉංග්‍රීසි,කන්නඩා,බෙංගාලි,මලයාවි යන භාෂා හයෙන් ලොව පුරා ප්‍රදර්ශනයකිරීමට නියමිතය.

මෙම චිත්‍රපටියේ නළු නිළියන් ලෙස ජෙගපති බාබු,ටේජා සාජා,මනෝජ් කුමාර්,රතිකා නායන්,කෞෂික් මහාටා,ටන්ජා කෙළර්,සීරාම් රෙඩ්ඩි ඇතුළු නළු නිළියන් හැටදෙනෙකු පමණ රංගනයෙන් දායක වේ.

මෙම චිත්‍රපටය රූගතකිරීම් උදෑසන හතයි තිහේ සිට පහයි තිහ දක්වා සිදුකෙරුණු අතර එම කාලය තුළදී කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා   පමණක් දුම්රිය ධාවනය කෙරිණි.

එම නිසා මගීන්ට අපහසුතාවයක් නොවන පරිදි දිවා කාලයේදී ඇල්ල,බදුල්ල,බණ්ඩාරවෙල අතර බස්රථ යොදා  තිබිණි.

16 වෙනිදා සිට සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වීමට නියමිතව ඇත.