ඇල්පිටිය පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම අද (14) ආරම්භ වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීමට සුදුසුකම් ලබා සිටින සංඛ්‍යාව 1576කි.

අද (14) දිනයේදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකිවන පිරිස් සදහා ලබන 18 වනදා අවස්ථාව සලසා දීමටයි මැතිවරණ කොමිසන් සභාව තීරණය කර ඇත.

පිළිගත් දේශපාලන පක්ෂ 8ක් හා එක් ස්වාධීන කණ්ඩායමක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා භාර දී තිබෙයි.

මෙහි ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතව ඇත.