පොල්ගහවෙල එජාප සංවිධායක එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් මහ ඡන්දයට

එක්සත් ජාතික පක්ෂයේ පොල්ගහවෙල ප්‍රධාන සංවිධායකවරයාව සිටි නිරාල් කළුහෙන්දිවල මහතා එම පක්ෂයෙන් ඉවත්ව රංජන් රාමනායක මහතා පිහිටුවූ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා භාර දී ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් නිරාල් මහතා මෙලෙස පැවැසීය.

“එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායකයාව සිටි අකිල විරාජ් කාරියවසම් මහතා මම දීර්ඝ කාලයක් දැරූ පොල්ගහවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරය මට නොදන්වා වෙනත් අයකු පත් කිරීමට විරෝධය පෑමක් ලෙස එම පක්ෂයෙන් ඉවත්වුණා. තරුණ දේශපාලනඥයකු වන මට කළ අසාධාරණයට මේ වන විට කාරියවසම් මහතාත් දේශපාලන අනාථයකු බවට පත්ව සිටිනවා. තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සිටීමෙන් මට දේශපාලන අනාගතයක් නැති බව දැනගෙන එම පක්ෂයෙන් ඉවත්ව නව දේශපාලන පක්ෂයට සම්බන්ධ වුණා.”