ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිනිය ලෙස හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පත් කර ඇත.

එම අධිකාරියේ 12 වැනි සභාපති ලෙස පසුගියදා (09) එම මහත්මිය වැඩ භාර ගත්තාය.

මීට පෙර ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි.