ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 19ක් තුවාල ලබා තිබේ.

බග්මතී එක්ස්ප්‍රස් නම් මගී ප්‍රවාහන දුම්රිය මයිසූර් සිට බිහාරය දක්වා ගමන් කරන අතරතුර ප්‍රධාන මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයකට යොමුවී එම දුම්රිය මාර්ගයේ නවතා තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ ගැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් මගී ප්‍රවාහන දුම්රියේ මැදිරි 13ක් පීලි පැන ඇති අතර ගින්නක්ද හටගෙන ඇති බව සදහන් වේ.

සිකුරාදා රාත්‍රී 8.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම්වලින් පසු සියලුම මගීන් ඉවත් කර ගැනීමට සමත්ව ඇති අතර දුම්රියෙහි මගීන් 1,360 ක් පමණ සිට ඇතැයි වාර්තා වේ