තරුණයන්ට දැඩි හානියක් සිදුවීමට එරෙහිව සහ තරුණ පරපුර ආරක්ෂා කිරීම සඳහා අසමත් බව කියමින් අමෙරිකාවේ ප්‍රාන්ත 13ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය මගින් ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිව්යෝක්, කැලිෆෝනියා, ඇතුළු ප්‍රාන්ත සහ කොලොම්බියා දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් එම නඩු ගොනු කර ඇති අතර, එම නඩු පවරා ඇත්තේ චීනයට අයත් ටික්ටොක් සමාජ මාධ්‍ය හිමි සමාගමට එරෙහිව නව දඩ මුදල් පැනැවීමේ අරමුණින් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ටික්ටොක් සමාජ මාධ්‍යජාලය චේතනාන්විතව තරුණ පරපුර එම මෘදුකාංගයට ඇබ්බැහි කර ඇතැයි ද, එමගින් අමෙරිකාවේ තරුණ පරපුර අතර මානසික ආබාධ සහ ආතතිය ඉහළ ගොස් ඇතැයි ද එම චෝදනා පත්‍රයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සිය සමාගමේ ලාභ ඉහළ නැංවීම සඳහා තරුණ පරපුර ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට ඇබ්බැහි කර ඇති බව කැලිෆෝනියාවේ නීතිපති රොබ් බොන්ටා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට ඇබ්බැහි වීමෙන් අමෙරිකාවේ තරුණ පරපුරේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට ලක්වී ඇති බවත්, එහි අඩංගු බොහෝ කරුණු සාවද්‍ය හා නොමඟ යවනසුලු බවට ද චෝදනා කර ඇතැයි වාර්තා වේ.