මීට වසර 100කට පෙර අතුරුදන්වූ බවට සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික කඳු නඟින්නකුගේ පාදයක කොටසක් එවරස්ට් කඳු මුදුනින් සොයා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම විස්මයජනක සොයා ගෙන ඇත්තේ නැෂනල් ජියොග්රැෆික් වාර්තා චිත්‍රපටයක් රූගත කිරීමට ගිය කඳු නඟින්නන් පිරිසකට බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
වසර 1924 ජූනි මාසයේදී එවරස්ට් කන්ද තරණය කිරීමට ගිය ඇන්ඩෘ කොමින් සහ ඔහුගේ සහායකයා වන ජෝර්ජ් මැලොරි අතුරුදන්වූ බවත්, පසුව ජෝර්ජ් මැලොරිගේ සිරුරේ කොටස් හමුවූවද, ඇන්ඩෘගේ සිරුර කිසි දිනෙක හමු නොවූ බවද අනාවරණය වී ඇති අතර, කඳු මුදුනේ ග්ලැසියරයක හිමි දියවීමෙන් පසු ඉහළට මතුවී තිබූ එම පාදයේ කොටස ඇන්ඩෘගේ බවට ද අනුමාන කර ඇතැයි වාර්තා වේ. කෙසේ වුවද එය තහවුරු කරගැනීම සඳහා මේ වන විට බ්‍රිතාන්‍ය බලධාරීන් ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව ඇතැයි ද, එය ඇන්ඩෘගේ පාදයේ කොටසක් බවට තහවුරු වන්නේ නම් එවරස්ට් කඳු තරණයේ ඉතිහාසය මුළුමනින්ම වෙනස් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
එවරස්ට් කන්ද තරණය කළ පළමු පුද්ගලයින් බවට වාර්තාපොතට එක්වී සිටින එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝර් එම වාර්තාව පිහිටුවා ඇත්තේ ඇන්ඩෘ සහ ජෝර්ජ් එවරස්ට් කන්ද තරණය කිරීමේදී අතුරුදන්වීමෙන් වසර 29කට පසුවය.