සිහි කැඳ­වීම් මායිම් නොකර නිල නිවාස තබා­ගෙන සිටින සැමට නීතිය ක්‍රියා­ත්මක කරන්න-අග­මැ­ති­නි­ය­ගෙන් නිල­ධා­රීන්ට උප­දෙස්

සිහි කැඳ­වීම් මායිම් නොකර නිල නිවාස තබා­ගෙන සිටින සැමට නීතිය ක්‍රියා­ත්මක කර­න්නැයි රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අග්‍රා­මාත්‍ය හරිනී අම­ර­සූ­රිය මෙණෙ­විය උප­දෙස් දී තිබේ. ඇමැති ධුර අහෝසි වීමත් සමග නිල නිවාස භාර දීම සිදු විය යුත්තක් බවත්, මෙතෙක් නිල නිවාස භාර නොදුන් අය වෙත යළි සිහි කැඳ­වීම් කරන ලෙසත් අග­මැ­ති­නිය නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නාය. රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා හා පළාත් පාලන අමා­ත්‍යං­ශයේ ඉදිරි සැල­සුම් හා මුහුණ දෙන ගැටලු සම්බ­න්ධ­යෙන් ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සමඟ පසු­ගි­යදා (9) වැනිදා එම අමා­ත්‍යං­ශ­යේදී පැවති සාක­ච්ඡා­ව­කට එක් වෙමින් මෙසේ උප­දෙස් දෙනු ලැබීය. ඇමැති නිල නිවාස භාර දීම දේශ­පා­ලන පළි ගැනී­මක් ලෙස නොද­කින ලෙසත්, ප්‍රති­චාර නොලැ­බෙ­නවා නම් නීතිය ක්‍රියා­ත්මක කරන ලෙසත් අග­මැ­ති­ව­රිය කියා සිටි­යාය. එමෙන්ම සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විදු­හ­ලට ඉඩ­මක් පැව­රීම සම්බ­න්ධ­යෙන් සමා­ජයේ මතුව ඇති පුවත සම්බ­න්ධ­යෙන් කරුණු පැහැ­දිලි කිරී­මක් අමා­ත්‍යංශ නිල­ධා­රීන් විසින් අග­මැ­ති­ව­රි­යට සිදු කරන ලදි.

හිටපු ඇමැති මහින්ද අම­ර­වීර මහතා භාවිත කළ නිල නිවා­සය, 1994 වර්ෂ­යේදී එව­කට අධ්‍යා­පන ඇමැති රිචඩ් පති­රණ මහතා විසින් ඉදි­රි­පත් කරන ලදුව කැබි­නට් මණ්ඩ­ලය මඟින් සම්මත කරන ලද යෝජ­නා­වක් මත අදාළ පාසල දෙප­සට වන්නට ඇති ඉඩම් කැබලි දෙකක් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විදු­හ­ලට පැව­රී­මට එවක රජය තීර­ණය කොට තිබූ බවත්, අංක 11 දරන ඉඩම අදාළ යෝජ­නාව සම්මත වීමත් සමඟ පාස­ලට පැව­රී­මට එවක රජය කට­යුතු කළද අංක 3 දරන ඉඩ­මෙහි ඇමැති නිල නිවා­ස­යක් පැව­තීම හේතු­වෙන් මේ වන තෙක් පව­රා­ගැ­නී­මක් සිදුව නොති­බුණ බවත් එහිදී අනා­ව­ර­ණය විය. කඩි­න­මින් අදාළ නිවස භාර ගෙන මැනුම් කට­යුතු සිදු කර එකී ඉඩම පාසල වෙත භාර දීමට අවශ්‍ය කට­යුතු යොදන ලෙස අග­මැ­ති­ව­රිය කියා සිටි­යාය.