අප­න­ය­න­ක­රු­ව­න්ගෙන් රට­වි­රු­ව­න්ගෙන් ඩොලර් ගඟක්-රුපි­යල නඟී-ඩොල­රය බහී

මීට ප්‍රථම ශ්‍රී ලංකාව වෙත එක්සත් ජන­පද ඩොලර් එවී­මට කට­යුතු නොකළ හා යම් යම් ප්‍රමා­ද­යන් සිදු කළ අප­න­ය­න­ක­රු­වන් මෙන්ම ඩොලර් උප­ය­න්නන් මේ වන­විට වැඩි වශ­යෙන් රට ගැන සිතා ඩොලර් රඳවා නොගෙන මෙර­ටට එවීමේ ප්‍රව­ණ­තා­වක් ඇති වී තිබෙන බැවින් එක්සත් ජන­පද ඩොල­ර­යට සාපේ­ක්ෂව ශ්‍රී ලංකා රුපි­ය­ලෙහි අගය වැඩි­වී­මක් මේ වන විට දක්නට ලැබෙන බව විනි­මය වෙළෙ­ඳ­පොළ විශ්ලේ­ෂ­කයෝ පව­සති.

විදේ­ශ­ගත ශ්‍රී ලාංකි­ක­යන් ඇතුළු රටට හිතැති ව්‍යාපා­රි­ක­යන්, ආයෝ­ජ­ක­යන්, විදේශ රාජ්‍ය සහ ජාත්‍ය­න්තර මූල්‍ය ආය­තන ශ්‍රී ලංකාවේ වත්මන් ජන­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රමුඛ රජය ගෙන­යන ආර්ථික වැඩ­පි­ළි­වෙළ කෙරෙහි ගොඩ­නැඟී ඇති විශ්ව­ස­නී­ය­ත්වය මේ තත්ත්ව­යට හේතුවී ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

තමන් විසින් උප­යන සෑම ඩොල­ර­යක්ම අප­න­ය­න­ක­රු­වන් විසින් මෙන්ම ශ්‍රමි­ක­යන් ලබන සෑම ඩොලර් ආදා­ය­මක්ම විදේ­ශ­යන්හි රඳවා නොගෙන හැකි ඉක්ම­නින් ශ්‍රී ලංකා­වට නීත්‍ය­නු­කූල මාර්ග ඔස්සේම එවී­මට පිය­වර ගැනීම හේතු­කො­ට­ගෙන ඩොල­ර­යෙහි අගය පහත වැටෙ­මින් ශ්‍රී ලංකා රුපි­ය­ලෙහි අගය වැඩි වී­මක් මේ වන විට මූල්‍ය හා විනි­මය වෙළෙ­ඳ­පෙළේ සිදුවී තිබේ.

උණ්ඩි­යල් වැනි ක්‍රම­වේද ඔස්සේ මෙර­ටට මුදල් එවීමේ අඩු­වී­මක් දක්නට ලැබෙන බව ද සඳ­හන්ය. තමන් උප­යන ඩොලර් ආදා­යම්, කිසි­වකු විසින් අයුතු ආකා­ර­ය­කට රඳවා ගැනී­මක් හෝ නතු කර ගැනී­මක් සිදු­වෙ­තැයි බියෙන් ඇතැම් අප­න­ය­න­ක­රුවෝ පසු­ගිය කාලයේ මෙර­ටට මුදල් එවීම සීමා කළහ.

එමෙන්ම දිනෙන් දින ඩොල­රයේ අගය ඉහළ ගොස් තමන්ට වැඩි වාසි ලබා ගැනී­මට හැකි වේ යැයි මාන­සි­ක­ත්ව­යෙන් යුතුව ඇතැම් පිරිස් පිට­ර­ට­වල ඩොලර් රඳ­වා­ගෙන සිටි­යහ. නමුත් වත්මන් ජන­ප­ති­ව­රයා ඇතුළු ලොව කුඩාම ඇමැති මණ්ඩ­ලය කිසිදු බාධා­ව­කින් තොරව තමන්ගේ ව්‍යාපා­රික කට­යුතු කිරී­මට ඉඩ­කඩ නිර්මා­ණය කර දීම නිසා මේ දින­වල මෙර­ටට ඩොලර් එවීම වැඩි වී තිබේ.

ආර්ථි­කයේ පිබි­දී­මක් අපේ­ක්ෂා­වෙන් ලෝක බැංකුව, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල, ආසි­යානු සංව­ර්ධන බැංකුව සහ විදේශ රාජ්‍ය­යන් මූල්‍ය අනු­ග්‍ර­හ­යන් දැක්වී­මට ඉදි­රි­පත් වී තිබීම, ණය කපා හැරීම සිදු කිරීම වැනි සැබෑ ආර්ථික සාධක සහ රටෙහි යම් ආර්ථික දියු­ණු­වක් සිදු­වෙ­තැයි මනෝ­මූ­ලික සාධක යන සාධක දෙක පද­නම් කර­ගෙන විශ්වා­ස­නී­ය­ත්ව­යක් ගොඩ නැඟී තිබීම රුපි­යලේ අගය ශක්ති­මත් වීමට විශාල ලෙස බලපා ඇතැයි ආර්ථික විශ්ලේ­ෂ­කයෝ පෙන්වා දෙති.