චීන සමාගම් දෙකක් අමෙරිකාවේ තහනම්

චීනයේ වානේ සමාගමකින් සහ කෘත්‍රිම රසකාරක සමාගමකින් අපනයනය කරනු ලබන නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගත් බව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තීරණය ගෙන ඇත්තේ එම නිෂ්පාදන කටයුතු සඳහා චීනයේ ෂිංජියැං ප්‍රාන්තයේ පුද්ගලයන්ගෙන් බලහත්කාර ශ්‍රම භාවිත කර ඇතැයි චෝදනා එල්ලවීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ෂිංජියැං ප්‍රාන්තයේ උයිගර් සුළුතර ප්‍රජාවට එරෙහිව මානව හිමිකම් උල්ලංගනය කරන බවට ජාත්‍යන්තර වශයෙන් චීනයට එල්ල වී ඇති චෝදනාවට බලහත්කාර ශ්‍රම භාවිතය ද ඇතුළත් බව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙවැනි පියවරක් ගැනීම සැමට සමාන මානව හිමිකම් පිළිබඳ අමෙරිකාවේ ස්ථාවරය තහවුරු කිරීමක් බවත්, බලහත්කාරයෙන් ශ්‍රමය සූරාකෑමෙන් සහ අපයෝජනයෙන් ලාභ ලැබීමට උත්සාහ කරන කිසිදු සමාගමකින් භාණ්ඩ අපනයනය සිදු නොකරන බව අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.