වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයි

වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.