පුනරුත්ථාපනය වූ හිටපු LTTE සාමාජිකයෝ උතුරු-නැඟෙනහිරට ස්වාධීනව තරගවදිති

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් උතුරු නැඟෙනහිර දිස්ත්‍රික්ක සඳහා මෙවර මහ මැතිවරණයට තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් ලෙස නාම යෝජනා භාරදෙනු ලැබ තිබේ.

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් එක්ව හදනු ලැබූ පුනරුත්ථාපනය වූ දෙමළ විමුක්ති කොටි පක්ෂයට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචිය ලබා ගැනීමට නොහැකි වීම නිසා ප්‍රථම වතාවට මහමැතිවරණයට උතුරු, නැඟෙනහිරට ස්වාධීන කණ්ඩායම් ලෙස මෙලෙස නාම යෝජනා භාරදුන් බව එම පක්ෂයේ නායක කන්දසාමි ඉම්බරාසා මහතා පැවසීය.

අවි අතට ගෙන තම අයිතිවාසිකම් උදෙසා සටන් කර යුද්ධය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 12600කගෙන් 3500ක සාමාජිකයන්ගෙන් සමන්විත තම පක්ෂය ඉදිරියේදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ තම ගැටලුවලට විසඳුම් සෙවීමට මහමැතිවරණයට තරග කිරීම මෙහි අරමුණ බව පක්ෂ නායකයා කීහ. මීට පෙර පළාත් පාලන මැතිවරණයට ස්වාධීනව තම කණ්ඩායම් තරග කළ බව කී පක්ෂ නායකයා මහමැතිවරණයක් වෙනුවෙන් තරග කරන්නේ පළමුවරට බවද කීහ.