මිල්ටන් සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට කඩා වැදී තිබේ.
මේ වන විටත් එම ප්‍රාන්තයේ නගර රැසකට තද සුළං සහ වැසි පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම ෆ්ලොරිඩාව පුරා විදුලිබලය විසන්ධි වී ඇති බව සදහන් වේ.
කුණාටුව අඩි 15ක් තරම් ඉහළට ළඟා විය හැකි අතර බටහිර ෆ්ලොරිඩා වෙරළ තීරය ප්‍රදේශයේ ජනතාවට උපදෙස් මාලාවක් ක්‍රියාත්මක කිරීමට ලබා දී තිබේ.
මිල්ටන් කුණාටුව අත්ලාන්තික් සාගරය දෙසට පිටවන විට ෆ්ලොරිඩාවේ නැගෙනහිර වෙරළ තීරයේ කුණාටු රැල්ල අඩි 5 ක් දක්වා ළඟා විය හැකි බව පැවසේ.
සුළි කුණාටුවේ පෙර සූදාමකින් සිටි ෆ්ලොරීඩා බලධාරීන් දහස් සංඛ්‍යාත ජනතාවට නිවාසවලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබුණි.
මේ අතර ප්‍රාන්තයේ නැගෙනහිර වෙරළ තීරයේ ශාන්ත ලුසී ප්‍රදේශයෙන් එක් පුද්ගල මරණයක් තහවුරු වී ඇති අතර එහිදී ටොනේඩෝ තත්ත්වයක් හට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා, ටෙනසි, වර්ජිනියා සහ උතුරු කැරොලිනා හරහා හමාගිය හෙලේන් චණ්ඩ මාරුතයෙන් සති 2කට පසුව මෙය පැමිණීම විශේෂත්වයකි. පුද්ගලයන් 225 දෙනෙකු එම චන්ඩ මාරුතයෙන් ජීවිතක්ෂයට පත් විය.