මිනිස් සිරුරේ සියලු සෛලවල ඇති ප්‍රෝටීන පිළිබඳ විස්මිත පර්යේෂණයක් සිදු කළ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, ජෝන් ජම්පර් සහ එංගලන්ත ජාතික ඩෙමිස් හසාබිස් විද්‍යාඥයන් මෙවර රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රෝටීන පරිඝනක ආකෘතියක් සැකසීම වෙනුවෙන් ඩේවිඩ් බෙකර්ටත්, කෘත්‍රිම බුද්ධිය තුළින් ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීමට හැකියාව ඇති මොඩියුලරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජෝන් ජම්පර්ට සහ ඩෙමිස් හසාබිස්ටත් මෙවර රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමෙන බව ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය ඊයේ නිවේදනය කළේය. ඒ සමඟ පිරිනැමෙන මුදල් ත්‍යාගයෙන් හරි අඩක් ඩේවිඩ් බෙකර්ට ද, ඉතිරි අඩ ජෝන් ජම්පර් සහ ඩෙමිස් හසාබිස් අතර ද බෙදී යන බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැති පත්‍රයට අනුව වසර 1901 දී ආරම්භ කළ නොබෙල් ත්‍යාග පිරිනැමීමේ වාර්ෂික සිදුවන අතර, කායික හා වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, සාහිත්‍යය සහ සාමය උදෙසා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ලෙස කාණ්ඩ 5කින් යුතුව වාර්ෂිකව සිදු කෙරේ.