රත්න­පුර රෝහලේ පළමු වකු­ගඩු බද්ධය අති සාර්ථ­කයි-පැය 5ක සැත්ක­ම­කින් හිමි­න­මක් ජීවි­තය ලබයි

ඉති­හා­සයේ ප්‍රථම වරට රත්න­පුර ශික්ෂණ රෝහලේ දී ඉකුත්දා සිදු­කළ වකු­ගඩු සැත්කම සාර්ථක වී තිබේ.

විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් ඇතුළු 30 දෙනෙ­කු­ගෙන් යුත් රෝහල් කාර්ය මණ්ඩ­ලය පැය පහක් පුරා සිදු­කළ මෙම සැත්කම සාර්ථක වීම රත්න­පුර ශික්ෂණ රෝහල ලැබූ සුවි­ශේෂී ජය­ග්‍ර­හ­ණ­යක් බවත් මෙම සැත්කම සඳහා දායක වුණු සමස්ත කාර්ය මණ්ඩ­ල­ය­ටම ස්තූතිය පළ කරන බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අල­හ­ප්පෙ­රුම මහතා පැවැ­සීය.

“වසර කිහි­ප­යක් පුරා රත්න­පුර ශික්ෂණ රෝහල තුළ වකු­ගඩු සැත්ක­ම්ව­ලට අවශ්‍ය පහ­සු­කම් හා උප­ක­රණ සපුරා ගනි­මින් සිදු­කළ මෙම පළමු සැත්කම සාර්ථක වීම ඉදි­රියේ දී සිදු­කි­රී­මට නිය­මිත සැත්ක­ම්ව­ල­ටද ලොකු පිටි­ව­හ­ලක් වෙනවා.

මේ සහා දැඩි සත්කාර ඒක­කයේ කොට­සක් පහ­සු­කම් සහි­තව සක­ස්කර දීමට සිංහ සමා­ජය කට­යුතු කළා ඒ සියලු දෙනා­ටම සිදු­කළ සේවා­වන් හා ලබා දුන් සහ­යෝ­ග­යට ස්තුතිය පළ­කර සිටි­නවා. “රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අල­හ­ප්පෙ­රුම මහතා මේ සාර්ථක සැත්කම ගැන අද­හස් දක්ව­මින් සඳ­හන් කළේය.

සජී­වීව ජීවත් වන පුද්ග­ල­යෙ­කු­ගෙන් වකු­ග­ඩු­වක් ලබා ගෙන සජී­වීව ජීවත් වන අයෙ­කුට බද්ධ කිරීම ඉතා­මත් සංකීර්ණ සැත්ක­මක් බවත්, මෙම සැත්කම සාර්ථක වීම රත්න­පුර රෝහ­ල­ටම ගෞර­ව­යක් බවත් මෙම සැත්කම සිදු­කළ හදසි අන­තුරු ඒක­කය භාර විශේෂ ශ්‍රේණියේ හෙද නිල­ධා­රි­නිය වන ප්‍රමිලා ප්‍රිය­චන්ද්‍ර මහ­ත්මිය පැව­සු­වාය.

මෙම වකු­ගඩු සැත්කම සඳහා අවශ්‍ය වී තිබූ වකු­ග­ඩුව ලබා දීමට කට­යුතු කර තිබුණේ රත්න­පුර කහ­වත්ත ඇල්ල­ගේ­වත්ත පදිංචි වයස අවු­රුදු 57ක් වන කේ.වී. සිරි­පාල මහතා විසිනි.

වකු­ගඩු බද්ධය සිදු­කර ඇත්තේ කහ­වත්ත බෝමලු විහා­රයේ වැඩ සිටින වයස අවු­රුද 69ක් වන නීල­ඳුරේ චන්ද්‍ර­සිරි හිමි­ය­න්ටය.

මෙම සැත්කම සිදු­කි­රී­මට පෙර මෙම සැත්ක­මට සම්බ­න්ධව වූ හෙද කාර්ය මණ්ඩ­ලයේ පස් දෙනකු සඳහා මහ­නු­වර මහ රෝහලේ වකු­ගඩු සැත්කම් ඒක­කය තුළ සති දෙකක පුහු­ණු­වක් ලබා දීමට ද රෝහල් පාල­නා­ධි­කා­රිය මඟින් පිය­වර ගෙන තිබිණි.

සැත්කම සාර්ථ­කව සිදු­කි­රී­මට හා අවශ්‍ය ප්‍රති­කාර ලබා දීමට විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් වන ලක්ෂ්මන් වීර­සේ­කර, චානක ආර­ච්චිගේ, ගයාන් බණ්ඩාර, විශේ­ෂඥ නිර්වි­න්දන වෛද්‍ය­ව­රුන් වන අනුර ප්‍රනාන්දු, ලක්ෂ්මී රණ­සිංහ, යන මහත්ම මහ­ත්මීන් ද, හදිසි අන­තුරු ඒක­කය භාර විශේෂ ශ්‍රේණියේ හෙද නිල­ධා­රි­නිය වන ප්‍රමිලා ප්‍රිය­චන්ද්‍ර, හදිසි අන­තුරු විශේෂ ඒක­කයේ විශේෂ ශ්‍රේණියේ හෙද නිල­ධා­රි­නිය වන කමනී විජේ­සිංහ යන මහ­ත්මීන් ඇතුළු හදිසි අන­තුරු ඒක­ක­යට සම්බන්ධ දැඩි සත්කාර ඒකක දෙකේ හෙද කාර්ය මණ්ඩ­ලයේ හා කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ 30 දෙනෙ­කු­ගෙන් යුත් කාර්ය මණ්ඩ­ල­යක් දායක වී ඇත.