මහ­ජන සෞඛ්‍ය සේවා පිරි­වැය ඉන්දි­යාව තුන් ගු­ණ­ය­කින් ඉහළ දමයි

ඉන්දීය රජය එරට සෞඛ්‍ය සේවය සඳහා එක් පුද්ග­ල­යකු වෙනු­වෙන් වැය කරනු ලබන මුදල වසර 10ක් ඇතු­ළත තුන් ගුණ­ය­කින් ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. වසර 2013-14 කාල­යේදී ඉන්දීය රුපි­යල් 1,042ක්ව තිබූ එරට ඒක පුද්ගල සෞඛ්‍ය පිරි­වැය 2021-22 වන විට රුපි­යල් 3,169 දක්වා ඉහළ ගිය බව එරට මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ඉන්දි­යාවේ නිල දත්ත වාර්තා­ව­ලට අනුව එරට සෞඛ්‍ය සේවය සඳහා වන සමස්ත පිරි­වැය තුළ රජයේ දාය­ක­ත්වය සැල­කිය යුතු අයු­රින් ඉහළ ගොස් ඇති අතර, 2021-22 වන විට එහි අගය 48% ක් බවට පත්වී ඇතැයි ද වාර්තා වේ.

මහ­ජන සෞඛ්‍ය ආර­ක්ෂණ ආයෝ­ජ­නයේ රජයේ දාය­ක­ත්වය ඉහළ යෑමත් සමඟ ඉන්දි­යාවේ දිගු කාල­යක් පුරා ආධි­පත්‍ය දැරූ සෞඛ්‍ය සේවා සඳහා වන පෞද්ග­ලික විය­දම 2021-22 වන විට 39.4% දක්වා පහළ වැටී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය. මහ­ජන දුෂ්ක­රතා මඟහර­වා­ලී­මට එම­ඟින් ඉන්දීය රජය සමත් වී ඇති බවත්, එරට කෝටි 50කට අධික ජන­තා­වට රුපි­යල් ලක්ෂ 5ක රක්ෂ­ණා­ව­ර­ණ­යක් ලබාදීමේ ‘ආයු­ෂ්මාන් භාරත්’ වැනි වැඩ­ස­ට­හන් එරට මහ­ජන සෞඛ්‍ය යටි­තල පහ­සු­කම් වැඩි කිරී­මට විශාල පිටිව­හ­ලක් වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.