ජනගත කෙරුණු “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය” කෘතිය

ආචාර්ය ගංගා රාජිණී දිසානායක මහත්මිය විසින් රචිත “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය” ස්වයං ස්මරණීය නිල චරිතාපදාන කෘතිය එළිදැක්වීම සිදුකර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා සඳහන් කර සිටියේ විවිධ අය විවිධ ප්‍රකාශ කළත් පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව කිසිඳු තොරතුරක් තමන්ට ලැබී නොතිබුණු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් තම සිහිනය බොඳ වූ බවයි.