කාශ්මීර් මැතිවරණ නිරීක්ෂණයට රටවල් 15කින් නියෝජිතයෝ

වසර 10කට පසු පළමුවරට ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ පැවැති ප්‍රාන්ත මැතිවරණය පෙරේදා අවසන් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. රටවල් 15ක විදේශ නියෝජිතයන්ට අවස්ථාව උදා වූ මෙවර කාශ්මීරයේ මැතිවරණය පවත්වා ඇත්තේ එම ප්‍රාන්තයට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂිත තත්ත්වය සඳහන් 370 වගන්තිය ඉවත් කිරීමෙන් පසු පළමුවරට බවත්, අවසන් වරට එම ප්‍රාන්තයේ මැතිවරණයක් පවත්වා ඇත්තේ 2014 වසරේදී බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙවර මැතිවරණය නියෝජිතයන් 90 දෙනකු තෝරාපත් කරගැනීම සඳහා අදියර තුනකින් යුතුව පැවැති අතර, මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මෙක්සිකෝව, කොරියාව, සෝමාලියාව, ස්පාඤ්ඤය, සිංගප්පූරුව, නයිජීරියාව, පිලිපීනය, ටැන්සානියාව, නෝර්වේ, පැනමාව, ඇල්ජීරියාව, රුවන්ඩාව සහ දකුණු අප්‍රිකාව යන රටවල නියෝජිතයන් සහභාගි වී ඇතැයි වාර්තා වේ.