නව ශ්‍රී ලංකා වාර්තා 2යි තරග වාර්තා 20යි

– වසරේ දක්ෂතම මලල ක්‍රීඩා කණ්ඩායම් ලෙස ජෝසප් වාස්-වත්තල ලයිසියම් සම්මාන දිනයි
– හොඳම මලල ක්‍රීඩිකාව 14 හැවිරිදි දිල්නි රාජපක්ෂ වසරේ අති ශූර ක්‍රීඩකයා සඳුන් කෝසල

92 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ නව යොවුන් ශ්‍රී ලංකා වාර්තා 2ක් හා තරග වාර්තා 20ක් බිඳ වැටිණි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී දින 4ක් පුරා පැවති මේ මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම බාලක මලල ක්‍රීඩා කණ්ඩායම ලෙස වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල හා දක්ෂතම බාලිකා මලල ක්‍රීඩා කණ්ඩායම ලෙස වත්තල ලයිසියම් විදුහල සම්මාන දිනා ගත්තේය.

වසරේ දක්ෂ­තම මලල ක්‍රීඩි­කාව හා වසරේ දක්ෂ­තම මලල ක්‍රීඩ­කයා වූ වත්තල ලයි­සි­යම් විදු­හලේ දිල්නි රාජ­පක්ෂ සහ සඳුන් කෝසල

වසරේ දක්ෂ­තම මලල ක්‍රීඩි­කාව හා වසරේ දක්ෂ­තම මලල ක්‍රීඩ­කයා වූ වත්තල ලයි­සි­යම් විදු­හලේ දිල්නි රාජ­පක්ෂ සහ සඳුන් කෝසල

දක්ෂතම බාලක මලල ක්‍රීඩා කණ්ඩායමට හිමි අනුශූරතාව කොළඹ සාන්ත බෙනඩික්ට් හා දක්ෂතම බාලිකා මලල ක්‍රීඩා කණ්ඩායමට හිමි අනුශූරතාව වලල ඒ රත්නායක විදුහලට හිමි විය. පිට පළාත් සමස්ත මලල ක්‍රීඩා බාලිකා ශූරතාව වලල ඒ රත්නායක විදුහලට හා එහි බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩකයෝ දිනා ගත්හ.

වසරේ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස 16න් පහළ කාන්තා දුර පැනීමේ ඉසව්ව මීටර් 6.12කින් නිම කළ වත්තල ලයිසියම් විදුහලේ 14 හැවිරිදි දිල්නි රාජපක්ෂ සම්මානය දිනාගත් අතර ඇය හොඳම දුර පැනීමේ ක්‍රීඩිකාවට හිමි සම්මානයද ලබා ගත්තාය.

වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය 20න් පහළ මීටර් 110 කඩුලු මතින් දිවීම තත්පර 14.10කින් නිම කළ වත්තල ලයිසියම් විදුහලේ සඳුන් කෝසලට හිමි විය.

හොඳම උස පැනීමේ ක්‍රීඩකයා 20න් පහළ උස පැනීමේ පළමු තැනට පත් (මීටර් 2.13) කොළඹ ආනන්ද විදුහලේ ලෙසඳු අර්ථවිදු, හොඳම මීටර් 400 ක්‍රීඩකයා (තත්පර 47.10කින් නිම කළ) කඳාන සාන්ත සෙබස්තියන් විදුහලේ සචින්ත සිල්වා සම්මාන දිනා ගත්හ.

මෙවර ශූරතාවලියේ 18න් පහළ පිරිමි මීටර් 400 ඉසව්වේ වසර 9ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් බිඳ හෙළීමට කඳාන සාන්ත සෙබස්තියන් විදුහලේ ඔමෙල් සිල්වා සමත් වූ අතර, ඔහු ගත කළ කාලය වූයේ තත්පර 47.10කි. එමෙන්ම 18න් පහළ පිරිමි මීටර් 200 තරගයේදී වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ එස්.එම්.වී.එස්. රාජකරුණා තත්පර 21.52කින් නව යොවුන් ශ්‍රී ලංකා වාර්තාව බිහි කළේය.

ඊයේ බිහිවූ නව තරග වාර්තා 3ක ප්‍රතිඵල මෙසේය:

20න් පහළ කාන්තා මීටර් 1500

1. දුලංජනා ප්‍රදීපන් මිනිත්තු 4:43.78 (වත්තල ලයිසියම් වි), 2. ඒ.ඩී.එන්. සමරකෝන් මිනිත්තු 4:52.35 (වලල ඒ රත්නායක වි.), 3. එම්.ඩී.බී. උපතිස්ස මිනිත්තු 5:03.56 (වලල ඒ රත්නායක වි.)

18න් පහළ කාන්තා මීටර් 400 සහාය දිවීම

1. මිනිත්තු 3:59.11 (හැටන් අඹගමුව මැදි වි.), 2. මිනිත්තු 3:59.12 (වලල ඒ රත්නායක වි.), 3. මිනිත්තු 4:11.09 (මොරටුව වේල්ස් කුමරි වි.)

18න් පහළ පිරිමි මීටර් 400 සහාය දිවීම

1. මිනිත්තු 3:21.14 කොළඹ සාන්ත බෙනඩික්ට්, 2. මිනිත්තු 3:21.35 මහනුවර ත්‍රිත්ව වි, 3. මිනිත්තු 3:23.71 වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් වි.

ඊයේ දිනයේ තරග ප්‍රතිඵල කිහිපයක්:

20න් පහළ පිරිමි මීටර් 100

1. අයේෂ් මිහිරංග තත්පර 10.74 ( ගාල්ල මහින්ද වි), 2. ටී.එස්. හංසජ තත්පර 10.96 (කොළඹ තර්ස්ටන්), 3. ඒ. ෂාක්යා තත්පර 11.11 (මීගමුව මාරිස්ටෙලා වි.)

18න් පහළ කාන්තා මීටර් 100

1. ඩී. ප්‍රනාන්දු තත්පර 12.34 (වත්තල ලයිසියම්), 2. යූ.ඩී.ආර් පෙරේරා තත්පර 12.55 (පන්නිපිටිය ධර්මපාල වි.), 3. එම්.ජී.වී. විමංසා තත්පර 12. 68 (ගාල්ල ධර්මාශෝක වි,)

16න් පහළ පිරිමි මීටර් 100

1. ජී.බී. ආදිත්‍යා තත්පර 11. 36 (මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය), 2. චමත් ලෝෂණ තත්පර 11.44 (සිරිකුරුස වි.), 3. එච්.එස්.එස්. සිල්වා තත්පර 11. 54 (ගල්කිස්ස සාන්ත තෝමස්)

16න් පහළ කාන්තා මීටර් 100

1.එම්.ටී. නිර්මිනා තත්පර 12.75 (ගම්පහ සිරිකුරුස වි.), 2. ටී.එම්. වංශනායක තත්පර 13.18 (කුරුණෑගල මලියදේව බා. වි.), 3. ජී.ඒ.සී. ගමගේ තත්පර 13.20 ( කුරුණෑගල ජනාධිපති බාලිකා වි.)

20න් පහළ කාන්තා මීටර් 5000 ඇවිදීම

1. එස්.ආර්. ලියනගේ මිනිත්තු 33:06.63 (ගල්නෑව මැදි විදුහල), 2. කේ.ආර්. අකලංක මිනිත්තු 33:43.36 (මාකඳුර මැදි විදුහල), 3. කේ.වී.එස්. මධුෂිකා මිනිත්තු 37: 08. 88

20න් පහළ පිරිමි මීටර් 5000 ඇවිදීම

1. ඩී.එච්. කුමාර මිනිත්තු 27:05.17 (ඉහළ බුල්නෑව මැදි වි.), 2. ජී.එස් . උදාන මිනිත්තු 28:12.16 (පිළිමතලාව මැදි වි.), 3. ඩී. සම්රාජ් මිනිත්තු 29:47.21 (මාතලේ හින්දු වි.)

18න් පහළ කාන්තා යගුලිය විසිකිරීම

1. ජී.කේ.ආර්. පෙහෙන්සා මීටර් 12.20 (බෝපිටිය ලොයලා වි.), 2. ඒ.කේ.කේ. බාලසූරිය මීටර් 11.94 (රත්නපුර සුමනා බා. වි, 3. ප්‍රනලි බ්‍රිටෝ තත්පර 11.77 (කොළඹ කාන්තා වි.)

20න් පහළ කාන්තා තුන් පිම්ම

1.එම්.එම්. මනෝහරි මීටර් 12.25 (අම්බලන්ගොඩ ධර්මාශෝක වි.), 2. එච්.ඒ. ප්‍රනාන්දු මීටර් 11.85 (රත්නපුර සුමනා බා. වි.), 3. ඒ.එම්.ජී. රණසිංහ (මීගමුව ආවේ මරියා කන්‍යාරාමය)

16න් පහළ පිරිමි රිටි පැනීම

1. ඒ. කොසිගන් මීටර් 3.50 (චාවකච්චේරිය හින්දු විදුහල), 2. ටී. චන්චුල මීටර් 3.20 ( තිබිරිගස්කට්ටුව මාර්සිටෙලා වි.), 3. එම්.එස්.එම්. සිල්වා (බෝපිටිය ලොයලා)

16න් පහළ කාන්තා මීටර් 100 කඩුලු පැනීම

1. ඒ.සී. දෙව්මිණි තත්පර 15. 41 (විජයපුර ජාතික පාසල), 2. ජේ.ජී.සී. දේවින්දි තත්පර 15.69 (සුරියවැව විහාරගල වි.), 3. එම්.එම්.බී.යූ. ආරච්චි තත්පර 15.69 (සූරියවැව විහාරගල වි.)

18න් පහළ කාන්තා මීටර් 100 කඩුලු පැනීම

1. එන්. පරණලියනගේ තත්පර 15.21 (කොළඹ ගේට්වේ), 2. ඊ.බී.අයි. ඉරේන්ද්‍රා තත්පර 15.45 (ගාල්ල සංඝමිත්තා බා. වි.), 3. ඒ.ඩී.අයි. සෙනුරිකා තත්පර 16.08 (හැටන් අඹගමුව මැදි වි.)

20න් පහළ කාන්තා මීටර් 100 කඩුලු පැනීම

1. ජී.එස්.එම්. ගුණතිලක තත්පර 15.68 (කෑගල්ල සාන්ත ජෝසප් බා.), 2. ටී.ඒ. දේවින්දි තත්පර 16.00 (අලුත්ගම ම. වි.), 3. ඒ.අයි.එල්. ආරච්චි තත්පර 16.34 (රත්නපුර සුමනා බා. වි.)

16න් පහළ පිරිමි මීටර් 100 කඩුලු පැනීම

1. ටී. තත්සර තත්පර 13.53 (තිඹිරිගස්කට්ටුව මාරිස්ටෙලා වි.), 2. ඒ.කේ. ඔෂධ තත්පර 13.77 (ගොඩකවෙල කුලරත්න මැදි වි.), 3. අයි. බිම්සර තත්පර 13.78 (වත්තල ලයිසියම්)

18න් පහළ පිරිමි මීටර් 110 කඩුලු පැනීම

1. කේ.එම්.කේ. දිල්ෂාන් තත්පර 14.46 (ගොඩකවෙල කුලරත්න මැදි වි.), 2. පී.බී. ඒකනායක තත්පර 14.74 (පන්නිපිටිය ධර්මපාල වි.), 3. එම්.ඒ. රෆායි තත්පර 14.88 (මහනුවර ත්‍රිත්ව වි.)

20න් පහළ පිරිමි මීටර් 110 කඩුලු පැනීම

1. එස්. කෝසල තත්පර 14.10 (වත්තල ලයිසියම්), 2. ඊ.ඩබ්ලිව්. තාරුක තත්පර 14.57 ( මාතර රාහුල වි.), 3. ඒ.ඒ. රාජ් තත්පර 15.03 (කොළඹ සාන්ත බෙනඩික්ට් වි.)

18න් පහළ කාන්තා මීටර් 1500

1. ජී.ටී. අභිෂේකා මිනිත්තු 4:35.84 (ගම්පොළ වික්‍රමබාහු මැදි වි.), 2. කේ.එන්. ප්‍රාර්ථනා මිනිත්තු 4:52.81 (මුන්දල බරනින්කට්ටුව වි.), 3. ජී.එම්. දිල්රුක්ෂිකා මිනිත්තු 4:55.02 (වලල ඒ රත්නායක වි.)

18න් පහළ පිරිමි මීටර් 1500

1. එල්.ඩී.එන්. ලියනගේ මිනිත්තු 4:16.17 (වීරකැප්පෙට්ටිපොල මැදි වි.), 2. එච්.පී. සමරකෝන් මිනිත්තු 4:16.34 (මීගහකිවුල ජා. පා), 3. වී. ධනසේකර මිනිත්තු 4:18.41 (වත්තල ලයිසියම් වි.)

20න් පහළ පිරිමි මීටර් 1500

1. එම්.පී.බී. රශ්මිකර මිනිත්තු 4:08.43 (ගම්පොළ බණ්ඩාරනායක වි.), 2. ජී.ඒ.එන්. කපුගෙදර මිනිත්තු 4:09.82 (වලල ඒ රත්නායක වි.), 3. එම්.කේ.ඩී. නවරත්න මිනිත්තු 4:10.82 (රත්නපුර සාන්ත ඇලෝසියස් වි.)

දක්ෂ­තම බාලක මලල ක්‍රීඩා කණ්ඩා­යම ලෙස සම්මාන දිනූ වෙන්න­ප්පුව ජෝසප් වාස් ක්‍රීඩ­කයෝ

දක්ෂ­තම බාලක මලල ක්‍රීඩා කණ්ඩා­යම ලෙස සම්මාන දිනූ වෙන්න­ප්පුව ජෝසප් වාස් ක්‍රීඩ­කයෝ

දක්ෂ­තම බාලිකා මලල ක්‍රීඩා කණ්ඩා­යම ලෙස සම්මා­න­යට පත් වත්තල ලයිසියම්