ළමා දින සැමරුම් උත්සවයකට අගමැතිනිය එක්වෙයි

ලෝක ළමා දිනයට සමගාමීව සංවිධාන වූ ළමා දින සැමරුම් උත්සවයක් අගමැති හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් නාගානන්ද විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පෙරේදා (01) පැවැත් වුණි.

මෙහිදී දූ දරුවන්ගේ දක්ෂතා විදහා දැක්වූ විවිධ ප්‍රදර්ශන කුටි, උපදේශනාත්මක වැඩසටහන්, විනෝද ක්‍රීඩා සහ තරග ආදී වැඩසටහන් රැසක් සංවිධාන කර තිබීම විශේෂත්වයක් විය.

නාගානන්ද විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බොදාගම චන්දිම නාහිමි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර, එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු මහත්ම, මහත්මීන් දෙමාපියන්, දු දරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.