ගාසා තීරයේ සහ දකුණු ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාරවලට විරෝධතාව පළ කරමින් යේමනයේ හවුති කැරලිකරුවන් ඊයේ ටෙල් අවීව් නුවරට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාරය එල්ල කිරිමට පෙර හවුති සංවිධානයේ ප්‍රකාශකයකු සමාජ මාධ්‍ය ජාලයට වීඩියෝ පටයක් මුදා හරිමින් ටෙල් අවීව් නුවරට පහර දෙන බවත්, සිවිල් වැසියන් එම ස්ථානයෙන් ඉවත් විය යුතු බවත් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීමට ඉරාකයේ ඉස්ලාමිය සන්නද්ධ කණ්ඩායමක් ද එක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයේ ගෝලන් කඳුකර පළාත ඉලක්ක කරමින් ඉරාකයේ ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම පසුගියදා ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.