කමිඳු වසර 99ක ලෝක වාර්තාව බිඳ දමයි-අඩුම ටෙස්ට් තරග ගණ­න­කදී ලකුණු 1000ක් පසු කරලා

ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණ­න­කදී වේග­යෙන් ලකුණු 1000ක් පසු­කළ ලොව පළමු ක්‍රීඩ­කයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තා­වක් පිහි­ටු­වයි. කමිඳු සිය 8 වැනි ටෙස්ට් තර­ග­යේදී ඊයේ ලකුණු 1000 පසු­කළ අතර, 1925 දී ඔස්ට්‍රේ­ලි­යාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තර­ග­යේදී ලකුණු 1000 පසු­කොට තිබූ වාර්තාව වසර 99කට පසු බිද වැටුණි.

නව­සී­ල­න්ත­යට එරෙහි දෙවැනි ටෙස්ට් තර­ගයේ ඊයේ දෙවැනි දින­යේදී ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණ­යේදී කමිඳු නොදැවී ලකුණු 182ක් ලැබී­මත් සමඟ ඔහුගේ ටෙස්ට් ලකුණු ගණන 1004 දක්වා ඉහළ ගියේය.

මෙ‍තෙක් ශ්‍රී ලංකාවේ පිති­ක­රු­වකු අවම ඉනිම සංඛ්‍යා­ව­කින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය වේග­වත්ම පිති­ක­රුවා කමි­ඳු­වන අතර, හිටපු ටෙස්ට් පිති­කරු රෝයි ඩයස් ඉනිම 23කදී මෙම දස්කම දක්වා තිබිණි.