කමි­ඳු­ගෙන් ටෙස්ට් ලෝක වාර්තා දෙකයි

  • පළමු තරග 8කදී ලකුණු 50ට වැඩි­යෙන් ලැබීම:
  • අඩුම තරග ගණ­න­කදී ලකුණු 1000ක් පසු කිරීම

සංචා­රක නව­සී­ලන්ත පිල සමඟ පැවැ­ත්වෙන දෙවැනි ටෙස්ට් තර­ග­යේදී ශ්‍රී ලංකාව මුල් ඉනි­මට කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ඊයේ පළමු ඉනිම අත්හි­ටුවූ අතර, නව­සී­ල­න්තය ඊයේ දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටි හෙයින් පළමු ඉනිමේ කඩුලු 8ක් අතැ­තිව ලකුණු 580ක් පිටු­ප­සින් සිටී.

ගාල්ල ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන මෙම දෙවැනි ටෙස්ට් තර­ගය නිමා වීමට අද දිනය ඇතු­ළුව තවත් දින 3ක් ඉති­රිව ඇති හෙයින් නව­සී­ල­න්ත­යට පරා­ජ­යෙන් බේරීම සඳහා විශාල සට­නක නිරත වීමට සිදුව ඇත.

මේ දක්වා සහ­භාගි වූ පළමු ටෙස්ට් තරග 8කදී ලකුණු 50ට වැඩි­යෙන් ලබා ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොතට නව ලෝක වාර්තා­වක් පෙරේදා එක් කළ කමිඳු මෙන්ඩිස් ඊයේ වසර 99ක් පැරණි ලෝක වාර්තා­වක් බිඳ දැමු­වේය. එබැ­වින් මේ තර­ග­යේදී කමිඳු ලෝක වාර්තා දෙකක් බිඳ­හෙ­ළීම විශේ­ෂ­ත්ව­යක් විය.

ලෝක ටෙස්ට් ක්‍රීඩාවේ අඩුම තරග ගණ­න­කදී වේග­යෙන් ලකුණු 1000ක් පසු කළ ලොව පළමු ක්‍රීඩ­කයා බවට කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාව පිහි­ටුවූ අතර, 1925දී ඔස්ට්‍රේ­ලි­යාවේ හර්බට් සට්ච්ක්ලිෆ් තම 9 වැනි ටෙස්ට් තර­ග­යේදී ලකුණු 1000 පසු කොට තිබූ වාර්තාව මැකී ගියේය. කමිඳු සිය 8 වැනි ටෙස්ට් තර­ග­යේදී ඊයේ ලකුණු 1000 පසු කළ අතර, නොදැවී ලකුණු 182ක් ලැබී­මත් සමඟ ශ්‍රී ලංකා නාය­කයා ඉනිම අත්හි­ටු­වී­මට තීර­ණය කළේය. එවිට අනෙක් අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් තම 10 වැනි ටෙස්ට් ශත­කය සම්පූර්ණ කොට පන්දු 149කදී හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබා සිටි­යේය.

කමිඳු මෙන්ඩිස් සිය 13 වැනි ටෙස්ට් ඉනි­මේදී පස්වැනි ටෙස්ට් ශත­කය ලබා ලොව අති­දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් අඩුම ඉනිම ගණ­න­කදී තබා තිබූ ශතක වාර්තා­වක් සම කිරී­මට සමත් විය. ටෙස්ට් ඉනිම 10කදී ටෙස්ට් ශතක 5ක් කොදෙව් ක්‍රීඩක එව­ර­ටන් වික්ස්, ඉනිම 12කදී එංග­ල­න්තයේ හර්බට් සුට්ක්ලිෆ් හා ඔස්ට්‍රේ­ලි­යාවේ නීල් හාවී ටෙස්ට් ශතක 5ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකා ඉනිම පුරා ශතක සබ­ඳතා 3ක් වාර්තා වූ අතර, දෙවැනි කඩු­ල්ලට දිමුත් – චන්දි­මාල් පන්දු 229කදී ලකුණු 122ක්, සිව්වැනි කඩු­ල්ලට චන්දි­මාල් – මැතිව්ස් පන්දු 144කදී ලකුණු 107ක් හා 6 වැනි කඩු­ල්ලට කමිඳු – කුසල් පන්දු 271කදී නොබි­ඳුණු ලකුණු 200ක් වශ­යෙන් එම සබ­ඳතා ගොඩ­නැ­ඟූහ.

පළ­පු­රුදු පිති­කරු ඇන්ජලෝ මැතිව්ස් පෙරේදා තර­ගය නතර කරද්දී නොදැවී ලකුණු 78ක් ලබා සිටි අතර, ඊයේ දිනයේ තවත් ලකුණු 10ක් එක්කොට තිබි­යදී දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් තම 44 වැනි ටෙස්ට් අර්ධ ශත­කය වාර්තා කළ අතර, පන්දු 185කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 88ක් වාර්තා කළේය. නායක ධනං­ජය ද සිල්වා දිවා විවේ­ක­යට ඔන්න මෙන්න තිබි­යදී ලකුණු 44කට දවා ගැනී­මට නව­සී­ලන්ත පිල සමත් විය.

නව­සී­ල­න්තයේ බිඳ­වැ­ටුණු කඩුලු දෙක වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු හා ප්‍රභාත් ජය­සූ­රිය බිඳ හෙළා ගැනී­මට සමත් වූහ. ආර­ම්භක පිති­කරු ටොම් ලෙතම් ලකුණු 2ක් ලබා සිටි­යදී අසි­තගේ පන්දු­ව­කට ගලිහි සිටි පැතුම් නිශ්ශං­කගේ අතට උඩ පන්දු­වක් ලබා­දුන් අතර, කොන්වේ ජය­සූ­රි­යගේ පන්දු­ව­කට ස්ල්පිහි සිටි ධනං­ජ­යගේ අතට උඩ පන්දු­වක් දී ලකුණු 9කට දැවී ගියේය. විලි­ය­ම්සන් නොදැවී ලකුණු 6ක් ලබා කඩුල්ලේ රැඳී සිටී.

අද තර­ගයේ තෙවැනි දින­යයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ඇ.බ්ලන්ඩෙල් ප.සවුති 1
දිමුත් කරු­ණා­රත්න දුවද්දි දැවී ගියා 46
දිනේෂ් චන්දි­මාල් ප.පිලිප්ස් 116
ඇන්ජලෝ මැතිව්ස් ඇ.ඕ’රූක් ප.පිලිප්ස් 88
කමිඳු මෙන්ඩිස් නොදැවී 182
ධනං­ජය ද සිල්වා ඇ.බ්ලන්ඩෙල් ප.පිලිප්ස් 44
කුසල් මෙන්ඩිස් නොදැවී 106

අති­රේක 19
එක­තුව කඩුලු 5ක් දැවී (ඕවර 163.4) 602 (ඉනිම අත්හි­ටු­වන ලදි)
කඩුලු බිඳ වැටීම: 1-2, 2-124, 3-221, 4-328, 5-402
පන්දු යැවීම: සවුති 19-1-70-1, ඕ’රූක් 17-1-81-0, පටෙල් 41-5-135-0, සැන්ට්නර් 33-5-82-0, පිලිප්ස් 38-4-141-3, රවින්ද්‍ර 12.4-0-54-0, මිචෙල් 3-0-25-0.

නව­සී­ලන්ත පළමු ඉනිම

ටොම් ලෙතම් ඇ.නිශ්ශංක ප.අසිත 2
ඩ්වෙන් කොන්වේ ඇ.ධනං­ජය ප.ජය­සූ­රිය 9
කේන් විලි­ය­ම්සන් නොදැවී 6
අජාස් පටෙල් නොදැවී 0

අති­රේක 5
එක­තුව කඩුලු 2ක් දැවී (ඕවර 14) 22
කඩුලු බිඳ වැටීම: 1-2, 2-19
පන්දු යැවීම: අසිත 2-0-5-1, පීරිස් 7-1-9-0, ජය­සූ­රිය 5-3-3-1.

****

ශ්‍රී ලංකා පිල 2020න් පසුව 500ට වැඩි ඉනිම් 8ක්

වසර 2020න් පසු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල තරග 34කට ක්‍රීඩා කොට ඇති අතර, එයින් ඉනිම 8කදී ලකුණු 500ට වඩා වැඩි­යෙන් වාර්තා කළ එකම කණ්ඩා­යම වේ. මෙය ලෝක ටෙස්ට් ක්‍රිකට් පිලක් වාර්තා කළ විශේෂ දක්ෂ­තා­වක් වන අතර, එංග­ල­න්තය තරග 58කදී ලකුණු 500ට වඩා වැඩි­යෙන් වාර්තා­කොට ඇත්තේ අවස්ථා 7කදී පමණි.

මෙවර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූර­තා­ව­ලියේ ඉදි­රි­යෙන්ම සිටින ඉන්දි­යාව ලකුණු 500ට වැඩි­යෙන් රැස් කළ ඉනිම් ගණන 2ක් වන අතර, ඔස්ට්‍රේ­ලි­යාව එවැනි අවස්ථා 4කට සීමා වී තිබේ. බට­හිර ඉන්දීය කොදෙව් පිල වසර 2020න් පසු මේ දක්වා කිසිදු ටෙස්ට් ඉනි­ම­කදී ලකුණු 500ක් ලබා නැත.