ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නියම කළ මිලි­යන 75ක වන්දිය මඟ­හැ­රි­යාට නිලන්ත ජය­ව­ර්ධ­නට නඩු

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් දෙන ලද ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව මඟින් නියම කළ රුපි­යල් මිලි­යන හැත්තෑ පහක වන්දි මුදල සම්පූ­ර්ණ­යෙන් නොගෙවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩු­වක් පව­ත්වා­ගෙන යෑමට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (27) තීර­ණය කළේය. ඒ සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තෝ­බර් මස 07 වැනිදා අධි­ක­ර­ණය හමුවේ පෞද්ග­ලි­ක­වම පෙනී සිටින ලෙස ඔහුට නියම කර­මින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬු­ල්ලක් නොතිසි නිකුත් කරන ලදි.

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ඔහුට එරෙ­හිව කෙටු­ම්පත් කරන ලද චෝදනා පත්‍රය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර ඇති බව නීති­ප­ති­ව­රයා එහිදී ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටී­මෙන් අන­තු­රුව මෙම නියෝ­ග­යන් කරන ලදි. පාස්කු ඉරු­දින සිදුවූ ත්‍රස්ත ප්‍රහා­ර­යට එරෙ­හිව ගොනු කරන ලද මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් එකො­ළ­හක් සම්බ­න්ධ­යෙන් වන තීන්දුව ලබා දෙමින් සත් පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඩුල්ල විසින් නියම කරන ලද වන්දි ගෙවීම් සිදු කර තිබේද යන්න සලකා බැලීම සඳහා අදාළ පෙත්සම් සහ ඊට අදාළ ව ගොනු කර ඇති මෝසම් කැඳවූ අව­ස්ථාවේ දී මෙම නියෝ­ග­යන් සිදු කරන ලදි.

අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා සහ මුර්දු ප්‍රනාන්දු, එස් තුරෙ­යි­රාජා, ඒ.එච් එම් ඩී නවාස්, කුමු­දුනී වික්‍ර­ම­සිංහ, ශිරාන් ගුණ­රත්න, අචල වෙන්ග­ප්පුලි යන මහත්ම මහ­ත්මී­න්ගෙන් සම­න්විත විනි­සුරු මඩු­ල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳ­වනු ලැබිණි. එහිදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­ස්ටර් ජන­රාල් දිලීප පීරිස් මහතා සඳ­හන් කළේ අදාළ නඩු තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ගෙවී­මට නියම කරන ලද වන්දි මුදල් ගෙවී­මට හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සහ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර මහතා පසු­ගි­යදා කට­යුතු කර ඇති බවය. ඒ අනුව හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහ­තාට ගෙවී­මට නියම වූ මිලි­යන සිය­යක වන්දි මුදල පසු­ගිය අගෝස්තු මස 16 වැනිදා වන විට ගෙවා අව­සන් කර ඇති බව අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.

හිටපු පොලි­ස්පති පූජිත ජය­සු­න්දර මහතා ද තමන්ට නියම වූ සම්පූර්ණ වන්දි මුදල ගෙවී­මට අගෝස්තු මත 30 වැනිදා කට­යුතු කර ඇති බව අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජය­ව­ර්ධන මහතා, තමන්ට ගෙවී­මට නියම වූ මිලි­යන 75ක වන්දි මුද­ලෙන් මිලි­යන 5.1 මුද­ලක් ඉකුත් ඔක්තෝ­ම්බර් 8 වැනිදා ගෙවා ඇති අතර පසුව මිලි­යන 4.9ක මුද­ලක් ගෙවා අව­සන් කර ඇති බවද අති­රේක සොලි­සි­ටර් ජන­රාල්වරයා සඳ­හන් කළේය. ඉන් අන­තු­රුව කිසිදු මුද­ලක් ගෙවී­මට ඔහු කට­යුතු කර නොමැති බව හානි පූර්ණ කාර්යා­ලය මඟින් ලබා­දුන් වාර්තා­වක සඳ­හන් වන බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

ඒ අනුව මිලි­යන 75ක වන්දි මුදල සම්පූර්ණ වශ­යෙන් නොගෙ­වීම මඟින් අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ සිද්ධි­යට අදා­ළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට එරෙ­හිව චෝද­නා­ප­ත්‍ර­යක් සකස් කරන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් ලබා­දුන් නියෝ­ගය අනුව කෙටු­ම්පත් කරන ලද චෝදනා පත්‍රය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා එහිදී දන්වා සිටි­යේය.

ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් නියෝග කළ පරිදි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට එරෙ­හිව විනය පරී­ක්ෂ­ණ­යක් සිදු­කි­රීම හිටපු මහා­ධි­ක­රණ විනි­සුරු චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුතු ත්‍රිපු­ද්ගල කමි­ටු­වක් විසින් ආරම්භ කළ බවද එහි වාර හයක කට­යුතු මේ වන විට අව­සන් කර ඇති බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා තව­දු­ර­ටත් දන්වා සිටි­යේය. එම විනය පරී­ක්‍ෂ­ණ­යට යටත්ව නිලන්ත ජය­ව­ර්ධන මහතා අනි­වාර්ය නිවාඩු යවා ඇති බව ද ඒ මහතා සඳ­හන් කළේය.

කෙසේ වුවද අදාළ විනය කමි­ටුවේ සභා­පති ධුරය දැරූ චම්පා ජානකී රාජ­රත්න මහ­ත්මිය වන විට ආණ්ඩු­කාර ධුර­ය­කට පත්කර ඇති බැවින් ඇය වෙනු­වට එම කමි­ටු­වට විශ්‍රා­මික විනි­සු­රු­ව­ර­යකු පත් කිරීම සඳහා වන නාමා­ව­ලි­යක් අධි­ක­රණ සේවා කොමි­ස­මෙන් ඉල්ලා ඇති බවද අති­රේක සොලි­ස්ටර් ජන­රා­ල්ව­රයා දන්වා සිටි­යේය. ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් මීට පෙර නියම කළ පරිදි හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු මහතා සහ ජාතික බුද්ධි ප්‍රධානී මෙන්ඩිස් මහ­තාද තමන්ට ගෙවී­මට තිබූ නියම කළ සියලු සම්පූර්ණ මුදල ගෙවී­මට කට­යුතු කර ඇති බව ඒ මහතා එහිදී පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම පෙත්ස­ම්ව­ලට අදා­ළව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ගෙවී­මට නියම කළ වන්දි මුද­ල්ව­ලින් රුපි­යල් බිලි­යන 246 ක මුද­ලක් ‘හානි පූර්ණ කාර්යා­ලය’ වෙත ලැබී ඇති බවද එයින් මිලි­යන 62ක මුද­ලක් පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන්ට වන්දි ලබා­දීම සඳහා වැය කර ඇති බවද අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා එහිදී සඳ­හන් කළේය. එම අව­ස්ථා­වේදී වග­උ­ත්ත­ර­කාර අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වෙනු­වෙන් අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ ශමිල් පෙරේරා මහතා සඳ­හන් කළේ අදාළ වන්දි මුදල් ගෙවීම සම්බ­න්ධ­යෙන් තොර­තුරු ඉල්ලා තමන් විසින් මෝස­මක් ඉදි­රි­පත් කළ බවය.

පාස්කු ප්‍රහා­රයේ වින්දි­ත­යන් විසින් වන්දි මුදල් ලබා ගැනී­මට අදා­ළව නඩු තුන්සි­ය­යක් පමණ විවිධ අධි­ක­ර­ණ­වල ගොනු­කර ඇති බව සඳ­හන් කළ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා එහි පාර්ශ්ව­ක­රු­වන්ට වන්දි මුදල් ලැබී තිබේ නම් ඔවුන්ට එම නඩු ඉවත් කර ගැනීමේ හැකි­යාව ඇති බව සඳ­හන් කළේය. ඒ අනුව හානි පූර්ණ කාර්යා­ලය විසින් වන්දි ගෙවන ලද පුද්ග­ල­යන්ගේ නම් සහ ඊට අදාළ වන්දි මුදල් පිළි­බඳ සවි­ස්තර වාර්තා­වක් තමන්ට ලබා දීමට කට­යුතු කරන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. එහිදී වග­උ­ත්ත­ර­කාර හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජය­ව­ර්ධන මහතා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ චන්දක ජය­සු­න්දර මහතා සඳ­හන් කළේ සිය සේවා­දා­ය­ක­යාට සියලු ආකා­ර­යෙන් ගෙවී­මට හැකි­යාව තිබූ රුපි­යල් මිලි­යන දහ­යක වන්දි මුද­ලක් මේ වන­විට ගෙවී­මට කට­යුතු කළ බවය.

රුපි­යල් මිලි­යන 65ක් වන ඉතිරි වන්දි මුදල ගෙවී­මට ඔහුට කිසිදු ආකා­ර­යක හැකි­යා­වක් නොමැති බවද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. පොලි­සියේ ඉහ­ළම ජ්‍යෙෂ්ඨ නිල­ධා­රියා වන ඔහු මේ වන විට විනය පරී­ක්ෂ­ණ­ය­කට ලක්වී සිටින අතර අනි­වාර්ය නිවාඩු යවා සිටින බවද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය. ඔහුට රුපි­යල් 1,27,000ක මුද­ලක් මාසික වේත­න­යක් ලෙස ලැබෙන අතර ඉන් රුපි­යල් 40,000 මුද­ලක් අඩු­කර කළ හැකි බවට පොලිස් දෙපා­ර්ත­මේ­න්තුව දන්වා ඇති බවද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය .

ඒ අනුව අදාළ මුදල වැටු­පෙන් අඩු­කර ගැනීම සඳහා අවශ්‍ය නම් අධි­ක­ර­ණ­යට නියෝ­ග­යක් ලබා දිය හැකි බවද සඳ­හන් කළ ජනා­ධි­පති නීති­ඥ­ව­රයා මෙම සම්පූර්ණ වන්දි මුදල නොගෙ­වීම අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චේත­නා­ව­කින් හෝ වෙනත් අර­මු­ණ­කින් සිදු නොක­රන බවද, නොහැ­කි­යාව මතම සිදු වන්නක් බවද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සද­හන් කළේය . ඒ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යෙන් සමාව ඉල්ලා සිටින බවද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය. කරුණු සලකා බැලූ විනි­සුරු මඩුල්ල දැනට වන්දි ගෙවා ඇති සිය­ලුම වග­උ­ත්ත­ර­ක­රු­වන් මෙම පෙත්ස­ම්ව­ලින් නිද­හස් කිරී­මට නියම කළේය.

‘හානි පූර්ණ කාර්යා­ලය’ සිදු කළ වන්දි ගෙවී­මට අදාළ පුද්ග­ල­යන්ගේ නම් සහ ගෙවන ලද මුදල සම්බ­න්ධ­යෙන් වන තොර­තුරු වාර්තා­වක් අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් සහ එක් පෙත්ස­ම්කාර පාර්ශ්ව­යක් වන ශ්‍රී ලංකා නීතිඥ සංග­මය වෙත ලබා­දී­මට කට­යුතු කරන ලෙස නීති­ප­ති­ව­ර­යාට නියම කළේය. නිලන්ත ජය­ව­ර්ධන මහතා විසින් මෝස­මක් මගින් සහ අධි­ක­ර­ණය හමුවේ ඉදි­රි­පත් කරුණු විනි­සුරු මඩුල්ලේ සැල­කි­ල්ලට ලක්වූ අතර ඔහුට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ නඩු­ක­ර­යක් පව­ත්වා­ගෙන යෑමට තීර­ණය කළ බව අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා එහිදී සඳ­හන් කළේය.

ඒ අනුව ඒ සම්බ­න්ධ­යෙන් කරුණු දැක්වීම සඳහා අධි­ක­ර­ණය හමුවේ පෞද්ග­ලි­ක­වම පෙනී සිටින ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජය­ව­ර්ධන මහ­තාට නියම කිරී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය. එසේම එදින අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස නීති­ප­ති­ව­ර­යා­ටද නියම කරන ලදි. බුද්ධි තොර­තුරු ලැබී තිබි­ය­දීත් පාස්කු ප්‍රහා­රය වළක්වා ගැනී­මට කට­යුතු නොකි­රී­මට එරෙ­හිව ගොනු කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් 12ක තීන්දුව පසු­ගිය ජන­වාරි මස 12 වැනිදා අග­වි­නි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඩු­ල්ලක් විසින් ලබා දෙන ලදි. එම පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­ක­රු­වන් විසින් ජන­තාව ගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර තිබූ බවට එම­ඟින් තීර­ණය කරණු ලැබිණි.

ඒ අනුව ඊට වග­කි­ව­යුතු හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාට රුපි­යල් මිලි­යන 100ක් ද, හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජය­ව­ර්ධන යන මහ­ත්වරු විසින් රුපි­යල් මිලි­යන 75 බැගින් ද හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු මහතා රුපි­යල් මිලි­යන 50ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපි­යල් මිලි­යන 10ක් ද වන්දි වශ­යෙන් ගෙවිය යුතු බව නියෝග කර තිබුණි. එම ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දුව මඟින් වන්දි මුදල් ගෙවී­මට ලබා දී තිබූ මාස හයක කාලය අව­සන් වීමට පෙර ඒ සඳහා තව­දු­ර­ටත් කල් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනා­ධි­පති මෛත්‍රි­පාල සිරි­සේන මහතා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට මෝසම් ගොනු­කර තිබුණි.