ජන­පති අනු­රට ජන­පති ජෝ බයිඩ්න් සුබ­ප­තයි

ශ්‍රී ලංකාවේ නව­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් තේරී පත්වූ අනුර කුමාර දිසා­නා­යක මහ­තාට අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් මහතා සුබ­පැ­තුම් එක්කර තිබේ.

සිය X ගිණුමේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සුබ­පැ­තුම් එක්කර ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා­වා­සීන් ඔබව ඔවුන්ගේ ජනා­ධි­ප­ති­ව­රයා ලෙස නිද­හස්, සාධා­රණ සහ සාම­කාමී මැති­ව­ර­ණ­ය­කින් තෝරා­ගෙන තිබේ. ඔවුන් ඉන් අභි­මා­න­යට පත්වන බව නොඅ­නු­මා­නය, යනු­වෙන් එම සුබ­පැ­තුම් පණි­වු­ඩයේ සඳ­හන්ව තිබේ. ඉන්දු-පැසි­ෆික් කලා­පයේ සාමය, ආර­ක්ෂාව සහ සෞභා­ග්‍යය සඳහා ඔබ සමඟ කට­යුතු කිරී­මට මම බලා­පො­රොත්තු වෙමි යනු­වෙන් ද අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා සිය X පණි­වු­ඩයේ සඳ­හන් කර ඇත.