මහ බැංකුවේ ප්‍රති­පත්ති පොලී අනු­පා­තික වෙන­සක් නෑ-මහ බැංකුවේ අධි­පති

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රති­පත්ති පොලී අනු­පා­තික සැප්තැ­ම්බර් මාස­යේදී ද නොවෙ­නස්ව පවත්වා ගැනී­මට තීර­ණය කළ බව මහ බැංකුවේ අධි­පති ආචාර්ය පී. නන්ද­ලාල් විර­සිංහ මහතා ප්‍රකාශ කළේය.

ප්‍රති­පත්ති පොලි අනු­පා­තික නොවෙ­නස්ව පවත්වා ගැනී­මට තීර­ණය කළ බව අධි­ප­ති­ව­රයා සඳ­හන් කළේ කොළඹ කොටුව පිහිටි මහ බැංකු මූල­ස්ථා­නයේ ඊයේ (27) දහ­වල් විශේෂ මාධ්‍ය හමු­වේ­දීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහ­සු­කම් අනු­පා­ති­කය (SDFR) සහ නිත්‍ය ණය පහ­සු­කම් අනු­පා­ති­කය (SLFR) පිළි­වෙ­ළින් සිය­යට 8.25 සහ සිය­යට 9.25 මට්ටමේ පව­ත්වා­ගෙන යෑමට මුදල් ප්‍රති­පත්ති මණ්ඩ­ලය තීර­ණය කළ බව ද අධි­ප­ති­ව­රයා කීය. සිය­යට පහට අඩු උද්ධ­ම­න­යක් පව­ත්වා­ගෙන යෑම, ණය පොලි අනු­පා­තික පහළ යෑම ඉදි­රි­යේදී තව­දු­ර­ටත් සිදු­වනු ඇතැයි ද වීර­සිංහ මහතා කීය. මේ වසර ආර­ම්භ­යේදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ පරි­දිම ඉදි­රි­යේදී නිත්‍ය තැන්පතු පහ­සු­කම් අනු­පා­ති­කය සහ නිත්‍ය ණය පහ­සු­කම් අනු­පා­ති­කය වෙනු­වට තනි ප්‍රති­පත්ති අනු­පා­ති­ක­යක් හඳු­න්වා­දී­මට කට­යුතු කරන බව ද අධි­ප­ති­ව­රයා පැව­සීය.

ඒ සඳහා මහ බැංකුවේ ආර්ථික පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව,ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙ­යුම් දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු සියලු දෙපා­ර්ත­මේන්තු සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ඇතුළු මුල්‍ය ආය­තන සමඟ තාක්ෂ­ණික සහ ප්‍රායෝ­ගික කරුණු සාකච්ඡා කර­මින් සිටින බව ද ඔහු කීය.

එම කට­යුතු නිම වූ වහාම මේ වසර නිමා­වී­මට පෙර තනි ප්‍රති­පත්ති අනු­පා­ති­ක­යක් හඳුන්වා දීමට හැකි­වනු ඇතැයි අධි­ප­ති­ව­රයා විශ්වා­සය පළ කළේය.