සබරගමු පළාතේ නව ආණ්ඩුකාරවරිය වන චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (27) සුබ මොහොතින් සබරගමු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සර්ව ආගමික ආශීර්වාද මධ්‍යයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ මෙලෙසිනි. හිටපු මහාධිකරණ විනිසුරුවරියක වන ඇය මේ අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය නිලධාරීන් අමතා තමා මේ පළාතේ අධිකරණ තුනක සේවය කර තිබෙන බවත්, එබැවින් මෙහි ජනතාවගේ සිතුම් පැතුම් හා ප්‍රශ්න අවශ්‍යතා අපහසුකම් පිළිබඳ යම් අවබෝධයක් තමාට ඇති බවත් පැවසුවාය. සිංහල, දමිළ, මුස්ලිම් යන සියලු ජන වර්ග වාසය කරන සබරගමු පළාතේ ජනතාවට සේවය කිරීමේදී ජාති, ආගම්, පාට පක්ෂ ඈ සියලු වාද භේද නොතකා එක හා සමානව සලකා රාජ්‍ය නිලධාරීන් හැටියට තම වගකීම, කාර්යභාරය හා සේවය ඉටු කළ යුතු බව ඇය අවධාරණය කළාය.
එසේම පොලීසියේ ඉහළ නිලධාරීන් විශේෂයෙන් අමතමින් ආණ්ඩුකාරවරිය පැවසුවේ පොලීසිය හා පළාත් රාජ්‍ය සේවා නිලධාරීන් අතර සමීප සබඳතා වඩා හොඳ මහජන සේවයට අවශ්‍ය වන බවයි. ළමා අපයෝජන හා ළමා අපචාර වළක්වා සුරක්ෂිත සමාජයක් ඇති කිරීමට පොලීසිය පුරෝගාමි සේවාවක් ඉටු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ඇය මෙහිදී පැවසුවාය.
සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය, ආණ්ඩුකාර ලේකම් දර්ශන සමරසේකර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක් වූහ.