ධීවර ප්‍රජා­වට ඉන්ධන සහ­නා­ධා­ර­යක් දෙන්න ජන­පති ගත් තීර­ණ­ය­ට‍ ­හි­ටපු ධීවර ඇමැ­තිගේ පැස­සුම්

ධීවර ප්‍රජා­වට ඉන්ධන සහ­නා­ධා­ර­යක් ලබා­දී­මට කට­යුතු කිරීම ගැන හිටපු ධීවර ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාට සිය ස්තූතිය පළ­කර ඇත.

තමා ධීවර ඇමැ­ති­ව­ර­යාව සිටි­යදී මේ ඉන්ධන සහ­නා­ධා­රය යෝජනා කළ අතර එව­කට කැබි­නට් මණ්ඩ­ලය විසින් එය අනු­මත කළ බවත් මැති­ව­රණ නීති විධි­වි­ධාන සඳහා අමාත්‍ය මණ්ඩල තීර­ණය අත්හිට වු බවත් ඇමැ­ති­ව­රයා සඳ­හන් කර තිබේ.

එම ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කිරී­මට ඉඩ ලබා­දීම පිළි­බ­ඳව ජනා­ධි­පති අනු­ර­කු­මාර දිසා­නා­යක මහ­තාට සිය ස්තුතිය පුද කරන බවත් ධීවර ප්‍රජාව වෙනු­වෙන් එතුමා ගන්නා එවැනි තීරණ අගය කිරී­මට පසු­බට නොවන බවත් හිටපු ඇමැති ඩග්ලස් දේවා­නන්දා මහතා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත.

යාප­නයේ පිහිටි ඊ.පී.ඩී.පී පක්ෂ කාර්යා­ලයේ පැවැති සාක­ච්ඡා­ව­කදී දේවා­නන්දා මහතා මේ බැව් ප්‍රකාශ කර තිබේ.