දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස SriLankan Airlines ඇගැයීමට

ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ” ලෙස , ඉකුත් 09/20 දින  නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ .

මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කළාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල වන අතර එය වාර්ෂිකව සංවිධානය කරන්නකි .

මෙම සම්මාන උළෙලේ  තෝරා ගැනීම් සදහා අදාළ ක්ෂේත්‍ර වල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබා දෙන ජන්ද  අනුව සංවිධායක මණ්ඩලය විසින් සිදු කර තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ඉන්දියාව , පකිස්තානය බංග්ලාදේශය ,නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත  සතියකට ගුවන් ගමන් වාර 130 ක් ක්‍රියාත්මක කරති