හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව ඉන්දීය බොලිවුඩ් සිනමාවට

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුවක්වන ඩේවිඩ් වෝනර් ඉන්දියානු චිත්‍රපටයක ත්‍රාසජනක භූමිකාවක් රඟ දැක්වීමට සූදානම්වන පුවතක් වාර්තා වේ. එම චිත්‍රපටය PUSHPA 2 විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අල්ලු අර්ජුන් රංගනයෙන් දායක වන PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් අදියරට පැමිණෙමින් පවතින බව වාර්තාවේ. එය දෙසැම්බර් 6 වැනිදා නිකුත් කිරීමට නියමිතය.

PUSHPA 2 චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වී දැනට වසර කිහිපයකි.

මෙම චිත්‍රපටය නැවතත් කතා බහට ලක්ව ඇත්තේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව ඩේවිඩ් වෝනර්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වෛරල් වීම සමගිනි. වෝනර් මැර කල්ලියක් නායකයෙකු ලෙස සහචරයන් වට කර සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වෛරල් වී තිබේ.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරුව ඩේවිඩ් වෝනර් මේවන විට 37වැනි වියෙහි පසුවේ.