මැතිවරණයෙන් පැරදුණහොත් නැවත තරග නොකරන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

එළඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයකට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

78 හැවිරිදි ට්‍රම්ප්, පිට පිටම ජාතික මැතිවරණ තුනක් සඳහා රිපබ්ලිකන් අපේක්ෂකයා වී ඇති අතර පසුගිය වසර අට තුළ පක්ෂය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ උප සභාපති කමලා හැරිස්ට පරාජය වුවහොත් තවත් තරඟයක් අපේක්ෂා තමන් අපේක්ෂා නොකරන බවයි වැඩි දුර අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.