රනිල්ගේ ආධාරකරුගේ නිවෙසට අලි වෙඩිල්ලක් ඇවිත්

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දේශපාලන කටයුතුවල යෙදුණු වැල්ලවාය ආනපල්ලම 5 කණුව ප්‍ර‍ෙද්ශයේ පදිංචි පුද්ලයෙකුගේ නි‍ෙවසට කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අලි වෙඩිල්ලක් ඊයේ (22) අලුයම එල්ල කර තිබේ.

එම නි‍ෙවසේ වහලට වැටුණු එම වෙඩිල්ල පුපුරායාමෙන් තහඩුව පුපුරා නි‍ෙවස තුළට කැබලි වැටී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා වන අනෝජ් පෙරේරා මහතා මෙසේ කියා සිටියේය.

මේ සැරේ මම රනිල් මහත්තයා වෙනුවෙන් තමයි දේශපාලන කටයුතු කළේ. එතකොට වෙලාව පාන්දර තුනත් තුනහමාරත් අතර ඇති. එක සැරේම වහල උඩින් ඩෝං ගාලා ලොකු ශබ්දයක් ආවා, අපි නැඟිටලා බලනකොට ගේ මැද කොළ වගයක් ගිනි ගන්නවා. ෂීට් එක කැඩිලා කෑලි ඇතුළට වැටිලා තිබුණා. ඒ වෙලාවේ බල්ලෝ බිරුවා, කවුරුහරි දිව්වා වගේ ඇහුනා. දේශපාලන විරුද්ධවාදියකු මේ වැඩේ කරන්න ඇති කියලා මම හිතනවා. මේ සම්බන්ධයෙන් අපි වැල්ලවාය පොලිසියට ඒ වෙලාවෙම දැනුම් දුන්නා යැයි කියා සිටියේය.

අලි වෙඩිල්ල නිසා වහලය සිදුරු වී ඇති අයුරු ඡායාරූපයේ දැක්වේ.