දෙවන මනාපය ගණන් කිරීම සඳහා උපදෙස් නිකුත් කරයි

දෙවනි මනාපය ගණන් කිරීම සඳහා මේ වන විට තේරීම්භාර නිලධාරීන්ට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසනවා.

කිසිඳු අපේක්ෂකයෙක් 50% ඉක්මවා යාමට නොහැකිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව දෙවන මනාප ගණන් කිරීමේ කටයුතු තව සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.