ප්‍රවීණ රංගධර ඩබ්ලිව්. ජයසිරි දිවි රඟ මඩලින් සමු ගනී

ප්‍රවීණ නළුවෙකු ,තිර රචකයෙක්, ගීත රචකයෙක් සහ නාට්‍ය නිෂ්පාදකයෙක් වූ ඩබ්ලිව්. ජයසිරි මහතා දිවිසැරිය නිමකරයි.

මියයන විට ඒ මහතා 77 වැනි වියේ පසුවිය.

ඔහු කලක් සිංහල සංස්කෘතික ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.