ඡන්ද දැන්වීම් පත්‍රි­කාව නැති වුණත් ඡන්දය ප්‍රකාශ කරන්න පුළු­වන්-කොමි­සමේ සභා­පති

2024 ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද ප්‍රකාශ කිරී­මට නිල ඡන්ද දැන්වීම් පත්‍රි­කාව අත්‍ය­වශ්‍ය නොවන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.එල්.ඒ. රත්නා­යක මහතා පව­සයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සියලු කට­යුතු මේ වන විට සුදා­නම් බව දිස්ත්‍රික් තේරීම් භාර නිල­ධාරි ප්‍රසන්න ගිනිගේ මහතා පැවැ­සීය. මේ අතර මූල්‍ය ප්‍රති­පා­දන සම්බ­න්ධ­යෙන් ගැටලු පැව­තිය ද සිය­ලුම ඡන්ද මධ්‍ය­ස්ථාන සුදුසු පරිදි සකස් කිරීමේ කට­යුතු මේ වන විට සිදු­ක­රන බව ග්‍රාම නිල­ධාරි සංගම් පවසා තිබේ. සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිල­ධාරි සංග­මයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍ර­ලාල් මහතා පැව­සුවේ සිය­ලුම ග්‍රාම නිල­ධා­රින් ඒ සඳහා එක්වී ඇති බවය.

මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්ද හිමි­යන්ට අදත් (21) තමා පදිංචි ප්‍රදේ­ශයේ තැපැල් කාර්යා­ල­යෙන් ඒවා ලබා­ගත හැකි බව තැපැල් දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

තම අන­න්‍ය­තාව තහ­වුරු කිරී­මෙන් පසු එය ලබා­ගත හැකි බව නියෝජ්‍ය තැපැ­ල්පති රාජිත රණ­සිංහ මහතා පැව­සීය.