පෞද්ග­ලික බස් ධාව­නය සිය­යට 50කින් අඩු­වෙයි-ජන­ප­ති­ව­ර­ණය දා ඒ ටිකත් නෑ – ගැමුණු විජේ­රත්න

අද දිනයේ පෞද්ග­ලික බස් රථ ධාව­නය සිය­යට 50කින් පමණ අඩු­වන බව ශ්‍රී ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මය පව­සයි.එමෙන්ම ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන දිනයේ බස් රථ ධාව­නය තව­දු­ර­ටත් පහත වැටෙනු ඇති බව සංග­මයේ සභා­පති ගැමුණු විජේ­රත්න මහතා මාධ්‍ය වෙත පැව­සීය. මැති­ව­රණ කට­යුතු සඳහා බස් රථ යෙද­වීම සහ බස් රථ සේව­ක­යන් ඡන්දය ප්‍රකාශ කිරී­මට නිවාඩු ලබා ගැනීම ආදී කාරණා ඊට හේතු­වන බවද එතුමා වැඩි­දු­ර­ටත් පැව­සීය.

ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී ධාවන පණ්ඩුක ස්වර්ණ­හංස මහතා පැව­සුවේ ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ල­යට අයත් බස් රථ 1,358ක් පමණ මැති­ව­රණ රාජ­කාරී සඳහා වෙන්කර ඇති අතර පොලිස් ඇතුළු ආර­ක්ෂක අංශ නිල­ධා­රීන්ගේ ගම­නා­ග­මන කට­යුතු සඳහා බස් රථ 175ක් ලබාදී ඇති බවයි. කෙසේ වෙතත් දුර ගමන් සේවා සඳහා අව­ශ්‍ය­තාව පරිදි හැකි පමණ බස් රථ යෙද­වී­මට පිය­වර ගන්නා බවද ඔහු මාධ්‍ය වෙත පැව­සීය.