ජන­ප­ති­ව­රණ සමයේ ආපදා ඇති වුණොත් ක්‍රියා කරන හැටි: මැති­ව­රණ කොමි­ස­මෙන් උප­දෙස්

ජනා­ධි­ප­ති­ව­ර­ණය පැවැ­ත්වෙන කාල­සී­මාවේ දී සිදු­විය හැකි ආප­දා­ව­ලදී කට­යුතු කරන ආකා­රය සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­සම ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය, කාල­ගුණ දෙපා­ර්ත­මේ­න්තුව ඇතුළු අංශ ගණ­නා­වක් සමඟ සාකච්ඡා පවත්වා අවශ්‍ය උප­දෙස් දී තිබේ.

මේ අනුව ගාල්ල දිස්ත්‍රි­ක්කයේ ආප­දා­ව­ලින් සිදු­විය හැකි බල­පෑම් අවම කිරී­මට මේ වන විට විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර ඇති බව ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ සහ­කාර අධ්‍යක්ෂ ලුති­නන් කර්නල් අර්.එල්.ඩී. ලිය­නගේ මහතා පැව­සීය. යම් ආපදා තත්ත්ව­යක් හේතු­වෙන් මැති­ව­රණ රාජ­කා­රි­ව­ලට හෝ ඡන්දය ප්‍රකාශ කිරී­මට බාධා­වක් වන්නේ නම්, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නයේ ක්ෂණික දුර­ක­තන අංක 117 ඇමැ­තිය හැකි බවද හෙතෙම සඳ­හන් කළේය.

මැති­ව­රණ කොමි­ෂන් සභාව සමඟ එක්ව එම වැඩ­පි­ළි­වෙළ සකස් කර ඇතැයි හෙතෙම සඳ­හන් කළේය. මැති­ව­රණ කොමි­ෂන් සභාව, ආපදා කළ­ම­නා­ක­රණ මධ්‍ය­ස්ථා­නය, ත්‍රිවිධ හමු­දාව, පොලි­සිය ඇතුළු අනෙ­කුත් ආය­තන සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් එම වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක වේ.