දුලිප් සම­ර­වී­රට ඔස්ට්‍රේ­ලි­යාවේ ක්‍රිකට් තහ­නම් කරයි

ඔස්ට්‍රේ­ලි­යාවේ වික්ටෝ­රියා ප්‍රාන්තයේ කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩි­කා­ව­කට අයුතු ලිංගික හැසි­රී­ම­කට බල­පෑම් කළ බවට චෝදනා තහ­වුරු වීමෙන් එම කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස පත්වී සිටි ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක 52 හැවි­රිදි දුලිප් සම­ර­වී­රට මින්මතු කිසිදු අයු­ර­කින් එරට ඕනෑම ආකා­රයේ ක්‍රිකට් ව්‍යුහ­ය­කට එක්වී­මත්, වසර 20ක් ක්‍රිකට් තහ­න­මක් පැනැ­වී­ම­ටත් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය පිය­වර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ආර­ක්ෂක හේතු­මත නම හෙළි නොක­රනු ලබන අදාළ ක්‍රීඩි­කාව අයුතු ලිංගික හැසි­රී­මට එකඟ නොවන්නේ නම් ඇයට එම කණ්ඩා­යමේ රැඳී සිටී­මට අව­ස්ථාව ලබා නොදෙන බවට බල­පෑම් කර ඇතැයි ද, එය ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නයේ ආචාරධර්ම පද්ධ­තිය බර­ප­තළ ලෙස උල්ලං­ඝ­නය කිරී­මක් බවත් දුලිප් සම­ර­වී­රට එම දඬු­වම පන­ව­මින් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය සඳ­හන් කර ඇතැයි ද වාර්තා වේ. මේ තහ­න­මත් සමඟ ඔහුට ඔස්ට්‍රේ­ලි­යාවේ ක්‍රිකට් ආය­ත­නය, ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩා­යම්, කාන්තා හෝ පිරිමි බිග්බෑෂ් ලීග් තරග බිමේ කිසිදු තන­තු­රක් දැරී­මට නොහැකි බවද වාර්තා වේ.

වින්දි­තයා වන අදාළ ක්‍රීඩි­කාව ඉදි­රි­යට පැමිණ පුහු­ණු­ක­රුගේ අවි­නීත හැසි­රීම සම්බ­න්ධව හෙළි කිරී­මට තරම් නිර්භීත වූ බවත්, ඇය ඇද­හිය නොහැකි තරම් ධෛර්ය­යක් පෙන්නුම් කර ඇති බවත් සඳ­හන් කර ඇති වික්ටෝ­රියා ක්‍රිකට් සංග­මයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී නික් කමින්ස් පිටි­යේදි සහ ඉන් පිට­තදී ඇගේ අර­මුණු සාක්ෂාත් කර­ගැ­නී­මට අවශ්‍ය සියලු සහ­යෝ­ගය අඛ­ණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කර තිබේ.

“මේවා ක්‍රිකට් ප්‍රජාවේ බොහෝ දෙනා කම්ප­න­යට හා කැල­ඹි­මට ලක් කළ අති­ශය බර­ප­තළ හෙළි­ද­ර­ව්වක්. අපගේ සාමා­ජි­ක­යන්ගේ ආර­ක්ෂාව සහ යහ­පැ­වැත්ම ඉතා වැද­ගත්. ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ප්‍රධා­නින් නැවත මෙවැනි සිදු­විම් නොවී­මට වග බලා ගන්නා බවට සහ­තික විය යුතුයි.” මේ පිළි­බඳ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ගේ සංග­මයේ ප්‍රධාන විධා­යක නිල­ධාරී ටොඩ් ග්‍රීන්බර්ග් ප්‍රකාශ කර ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කළේය.