මහා­චා­ර්ය­ව­රි­යන් දෙදෙ­නකු ඉවත් කර­න්නැයි ඉල්ලා බංග්ලා­දේශ සර­සවි සිසුන් විරෝ­ධ­තා­වක

බංග්ලා­දේ­ශයේ රාජ්ෂාහි විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ­වෛද්‍ය පීඨයේ මහා­චා­ර්යව­රි­යන් දෙදෙ­නකු සේව­යෙන් ඉවත් කරන ලෙස ඉල්ලා  සිසුන් පිරි­සක් ඊයේ එම විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිරත වූ බව බංග්ලා­දේ­ශයේ ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය. රාජ්ෂාහි විශ්ව­වි­ද්‍යා­ලය ඉදි­රි­පි­ටින් විරෝ­ධ­තාව ආරම්භ කළ සිසුන් පසුව පාග­ම­නින් මනෝ­වෛද්‍ය පීඨය වෙත ගිය බවත්, ඔවුන් විරෝ­ධතා පුවරු හා සටන් පාඨ ඔසවා ප්‍රද­ර්ශ­නය කිරි­මට පටන් ගත් බවත් ඩේලි ස්ටාර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අදාළ අධ්‍ය­යන පීඨයේ මහා­චා­ර්ය­ව­රි­යන් දෙදෙනා ඉවත් කිරී­මට අම­ත­රව තවත් ඉල්ලීම් 5ක් ඉදි­රි­පත් කර ඇති අතර, මින් ඉදි­රි­යට සිසුන්ට තර්ජ­නය කිරී­මට ආචාර්ය මණ්ඩ­ලයේ කිසි­ව­කුට ඉඩ නොත­බන ලෙසත්, පෞද්ග­ලික කෝන්තර මත පළි­ගැ­නී­ම්ව­ලට සිසුන් ලක් නොක­රන ලෙසත් එම ඉල්ලීම් අතර තිබෙන බව වාර්තා වේ.