ශ්‍රී ලංකා­වට ඩොලර් කෝටි 1750ක ණය සහ­න­යක්-චීන සංව­ර්ධන බැංකුව සමඟ ඩොලර් බිලි­යන 3.3ක ණය ප්‍රතිව්‍යුහ­ග­ත­ක­ර­ණ­යට

2023 වසර අව­සන් වන විට පැවති මෙරට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17.5ක (කෝටි 1750ක) පමණ විදේ­ශීය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළි­බඳ ප්‍රති­ප­ත්ති­මය එක­ඟ­තා­ව­කට රජය ඊයේ (19) එළැ­ඹිණි. ජාත්‍ය­න්තර ආයෝ­ජ­ක­යන් නියෝ­ජ­නය කරන බැඳු­ම්කර හිමි­යන්ගේ තාව­කා­ලික කණ්ඩා­යම (Ad Hoc Group of Bondholders – AHGB) සහ දේශීය මූල්‍ය ආය­තන නියෝ­ජ­නය කරන ශ්‍රී ලංකාවේ දේශීය සමූ­හය (Local Consortium of Sri Lanka – LCSL) සමඟ සිදු කළ සාකච්ඡා හරහා මෙම ජාත්‍ය­න්තර ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යන් සමඟ එක­ඟ­තාව ඇති කර­ගෙන තිබේ.

මෙරට ස්වෛරීත්ව බැඳු­ම්ක­ර­ව­ලින් 50%කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් මෙම කණ්ඩා­යම් දෙක සතු වේ. මෙම එක­ඟතා යටතේ, 11%ක වට්ටම් අනු­පා­ත­යක් මත පද­නම්ව 40.3%ක වර්ත­මාන අග­යක (Net Present Value) සඳහා සහ­න­යක් ලබා­දී­මට බැඳු­ම්කර හිමි­යන් එකඟ වී ඇත.

මෙම එක­ඟතා මඟින් 2024 ජූලි මස ස්ථාපිත කරන ලද ඒකා­බද්ධ ක්‍රියා­කාරී රාමු­වට වඩා ශ්‍රී ලංකා­වට විශාල ණය සහ­න­යක් හිමි වන අතර, නව කොන්දේ­සි­වල දක්වා ඇති පරිදි පොලී ගෙවී­ම්වල ද අම­තර අඩු කිරී­මක් සිදු වේ.

ශ්‍රී ලංකාව දළ වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3.3ක පමණ ස්වෛරීත්ව ණය ප්‍රති­ව්‍යූ­හ­ගත කිරී­මට අදාළ ප්‍රධාන මූල්‍ය කොන්දේසි පිළි­බඳ චීන සංව­ර්ධන බැංකුව (CDB) සමඟ ප්‍රති­ප­ත්ති­මය වශ­යෙන් එක­ඟ­තා­ව­කට ද එළැඹී තිබේ.

චීනයේ එක්සිම් බැංකුව, ශ්‍රී ලංකාවේ නිල ණය හිමි­යන්ගේ කමි­ටුව (OCC), චීන සංව­ර්ධන බැංකුව (CDB) සහ බැඳු­ම්කර හිමි­යන් සමඟ ඇති කර­ගත් ගිවි­සු­ම්වල ප්‍රති­ඵ­ල­යක් ලෙස, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ වන වැඩ­ස­ට­හන් කාල සීමාව තුළදී ශ්‍රී ලංකා­වට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 17කට අධික ණය සේවා සහ­න­යක් හිමිව ඇත. මීට චීනයේ එක්සිම් බැංකුව වෙතින් ආසන්න වශ­යෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.4ක්, නිල ණය හිමි­යන්ගේ කමි­ටුව වෙතින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.9ක්, චීන සංව­ර්ධන බැංකුව (CDB) වෙතින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 2.5ක් සහ බැඳු­ම්කර හිමි­ය­න්ගෙන් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 9.5ක් ඇතු­ළත් වේ.

මෙම ක්‍රියා­ව­ලිය පුරා­වට ශ්‍රී ලංකාවේ සියලු ණය හිමි­යන් මෙන්ම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සහ නිල ණය හිමි­යන්ගේ කමි­ටුවේ ලේකම් කාර්යා­ලය (OCC Secretariat) මඟින් ලබා­දුන් අඛණ්ඩ සහ ඵල­දායී සහ­යෝ­ගය වෙනු­වෙන් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සිය ස්තූතිය සහ ප්‍රශං­සාව පළ කළේය.