යම් කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එම ඡන්ද මධ්‍ය­ස්ථා­නය ශූන්‍ය කිරී­මට කට­යුතු කර­නවා-මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති

ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක යම් කඩා­ක­ප්ප­ල්කාරී ක්‍රියා­වක් සිදු වුව­හොත් එහි ඡන්දය ශූන්‍ය කිරී­මට කට­යුතු කරන බව මැති­ව­රණ කොමි­ෂන් සභාවේ සභා­පති ආර්.එම්.ඒ.එල්. රත්නා­යක මහතා පැව­සීය.

අදාළ ඡන්ද ස්ථානා­ධි­ප­ති­ව­ර­යාගේ වාර්තාව අනුව ඒ කට­යුතු සිදු කරන බවද හෙතෙම රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමු­ව­කට ඊයේ (19) එක් වෙමින් පැව­සීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් පළ කර­මින් ඒ මහතා මෙසේද පැව­සීය.

එය සමස්ත ඡන්ද ප්‍රති­ශ­ත­යට බල­පානු ලබන්නේ නම් ඒ ශූන්‍ය කළ මධ්‍ය­ස්ථා­න­වල ඡන්ද ප්‍රති­ඵ­ලය නැවත ඡන්ද විම­සී­මක් පවත්වා අව­සන් කරන තුරු සමස්ත ඡන්ද ප්‍රති­ඵ­ලය ප්‍රකා­ශ­යට පත් කර­න්නේනෑ.

ඒ නිසා ඡන්ද මධ්‍ය­ස්ථා­න­වල අන­වශ්‍ය ලෙස ගැව­සී­මෙන්, ඡන්දය කඩා­ක­ප්පල් කිරීමේ ක්‍රියා­වල යෙදී­මෙන් වැළකී සිටින ලෙස දන්වා සිටි­නවා. සාමය ආරක්ෂා කිරී­මට පොලි­සිය සහ ත්‍රිවිධ හමු­දාව විසින් විවිධ පිය­වර ගනු ලබ­නවා.

21 වැනිදා ඡන්ද මධ්‍ය­ස්ථා­න­ව­ලින් ඡන්ද පෙට්ටි ලැබී­මෙන් අන­තු­රුව නිල­ධා­රින් හා අනෙ­කුත් අව­ශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7.ට පමණ දිස්ත්‍රි­ක්ක­වල ඒ ඒ ගණන් කිරීමේ මධ්‍ය­ස්ථා­න­වල ගණන් කිරීම ආරම්භ වෙනවා. තැපැල් ඡන්ද ගණන් කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරී­මට දැනට කට­යුතු කරලා තිබෙ­නවා. ඒ වගේම ගණන් කිරීමේ කට­යුතු සිදු­වන්නේ දිස්ත්‍රික් මට්ට­මින් එක් එක් පරිශ්‍ර තුළ. ගණන් කිරීම අව­සා­නයේ අදාළ ප්‍රති­ඵල ලැබුණු විගස ඒවා මාධ්‍යට ලබා­දී­මට සියලු කට­යුතු යොදලා තිබෙන්නේ. පළ­මුව ගණන් කිරීම කරනු ලබන්නේ එක් එක් අපේ­ක්ෂ­ක­යාට ලැබී ඇති ඡන්ද ප්‍රමා­ණය ගණ­නය කිරීම. එම ගණ­නය කිරී­මෙන් අන­තු­රුව (දිස්ත්‍රික් මට්ට­මින් ගණන් කිරීම් සිදුවේ) පළ­මුව ඡන්ද පෙට්ටි­වල තිබෙන ඡන්ද ප්‍රමා­ණය ගණ­නය කිරීම සිදු වෙනවා. ඉන් පසු එක් එක් අපේ­ක්ෂ­ක­යාට ලැබී තිබෙන ඡන්ද ප්‍රමා­ණය ගණ­නය කරලා, එය ඡන්ද ප්‍රදේශ මට්ට­මින් හා දිස්ත්‍රික් මට්ට­මින් සකස් කිරීම සිදු කර­නවා. මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ලය තමයි සමස්ත ප්‍රති­ඵ­ලය ගණ­නය කරනු ලබන්නේ. කිසි­යම් අපේ­ක්ෂ­ක­ය­කුට වලංගු ඡන්ද සංඛ්‍යා­වෙන් සිය­යට 50ක් හෝ එකක් ලැබිලා තියෙ­න­වාද කියලා බල­නවා. එහෙම ලැබිලා තියෙ­න­වා­නම් ඒ අව­ස්ථා­වේදී ඡන්ද ගණන් කිරීමේ කට­යුතු අව­සන් වෙනවා. අපි ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකා­ශ­යට පත්ක­ර­නවා. යම් හෙය­කින් කිසිඳු අපේ­ක්ෂ­ක­ය­කුට සිය­යට 50ක් හෝ එකක් ලැබිලා නැති­නම්, මනාප ගණන් කිරීමේ අව­ස්ථා­වට යා යුතු වෙනවා. එහිදී සිදු­වන්නේ වැඩිම ඡන්ද සංඛ්‍යා­වක් ලබා­ගත් අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා තර­ගයේ ඉතිරි කරලා, ඉතිරි අපේ­ක්ෂ­ක­යන් 36 දෙනා තර­ග­යෙන් ඉවත් කර­නවා. විශාල තිර යොදා­ගෙන පාර අයි­න්ව­ලට එක් රැස් වෙලා නැර­ඹීම, ආලෝ­කය සහිත බැලුම් ගුවන් ගත කිරීම, කණ්ඩා­යම් ලෙස රැස්වෙලා ප්‍රසිද්ධ ස්ථාන­වල රැඳී සිටීම තහ­නම් කර තිබෙ­නවා. එසේ කළ හොත් ආර­ක්ෂක අංශ නිසි පිය­වර ගනු ලබ­නවා.

මැති­ව­රණ කොමි­සම තීර­ණය කරනු ලැබුවා මෙවර ජංගම දුර­ක­තන ගෙන යෑම තහ­නම් කළ යුතුයි කියලා. පසු­ගිය තැපැල් ඡන්ද දිනයේ ඡන්ද පොළේ දී ඡන්දය භාවිත කරලා ඡායා­රූප අරන් සමාජ මාධ්‍ය­වල දැම්මා. එය නීති විරෝධී ක්‍රියා­වක්. තැපැල් ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක වුණා නම් ඡන්ද පොළක මෙය නොවෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඒ නිසා ජංගම දුර­ක­ත­නය ගෙන එන්න එපා කියලා ඉල්ලා සිටි­නවා.

පළමු ඡන්ද ප්‍රති­ඵ­ලය දෙන වෙලා­වක් අපිට මේ අව­ස්ථාවේ ප්‍රකාශ කරන්න බැහැ. වෙනත් ඡන්ද විම­සී­ම්ව­ලට වඩා මෙවර වෙන­සක් වුණා. අපිට මේ තත්ත්වය පව­ත්වා­ගෙන යන්න තව­දු­ර­ටත් සහාය අව­ශ්‍යයි. අපිට ප්‍රති­ඵල ලැබුණු වාහාම ඡන්ද ප්‍රති­ඵල ලබා දෙනවා. දිස්ත්‍රි­ක්ව­ලින් අපට දිස්ත්‍රික් ප්‍රති­ඵ­ලය ප්‍රධාන කාර්යා­ල­යට එවන්න ඕනේ. දිස්ත්‍රික් ප්‍රති­ඵල අපට ලැබුණු පසු මැති­ව­රණ මහ­ලේ­කම් කාර්යා­ල­යේදී එකතු කරලා අව­සන් ප්‍රති­ඵ­ලය දැනුම් දෙනවා. අපිට මනාප ගණන් කිරීම ගැන පූර්ව අත්දැ­කී­මක් නැහැ. ඡන්ද ගණන් කිරී­මට යන වෙලා­වට වඩා අඩු කාල සීමා­ව­කින් ඉතා ඉක්ම­නින් ප්‍රති­ඵල නිකුත් කරලා ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකා­ශ­යට පත් කරන්න අපි බලා­පො­රොත්තු වෙනවා. වෙලා­වල් පිළි­බ­ඳව පූර්ව නිග­ම­න­යන් කරන්න බැහැ. අපට මෙතෙක් කල් දැක්වූ සහාය ගැන ස්තූතිය පළ කර­නවා.

මැති­ව­රණ කොමි­සමේ අධ්‍යක්ෂ ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක –

කලින් අව­ස්ථා­ව­ලදී වගේම ප්‍රධාන ගණන් කිරීමේ නිල­ධා­රී­යාට නැවත ගණන් කිරී­මක් අවශ්‍ය නම් ඉල්ල­න්නත් පුළු­වන්. ගණන් කිරීමේ ශාලාව තුළ තමයි ඒක වෙන්නේ. අවස්ථා දෙක­කදී ඉල්ලන්න පුළු­වන්. ඊට පසු තමයි දිස්ත්‍රික් සමස්ත ප්‍රති­ඵ­ලය දෙන්නේ. සම්ප්‍ර­දා­යික මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් අපි අව­ධා­නය යොමු කර තිබෙ­නවා. තාක්ෂ­ණ­යෙන් සමී­ක්ෂණ කරන්න තව කාල­යක් නැහැ. 21 වැනිදා සියල්ල තීර­ණය වන නිසා අපට අවශ්‍ය සහාය දෙන්න කියලා සමාජ මාධ්‍ය භාවිත කරන ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­නවා.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, නියෝජ්‍ය පොලි­ස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා –

මැති­ව­රණ ප්‍රචා­රක කට­යු­තු­ව­ලට සම්බන්ධ වෙමින් පොලි­සිය අපේ­ක්ෂ­ක­යන්ට ආර­ක්ෂාව දුන්නා. ඡන්ද මධ්‍ය­ස්ථා­න­වල ආර­ක්ෂාව, ඡන්ද ගණන් කරන මධ්‍ය­ස්ථා­න­වල ආර­ක්ෂාව, මැති­ව­රණ කොම­සා­රිස් කාර්යා­ලයේ ආර­ක්ෂාව අපි ඉදි­රි­යේදී තහ­වුරු කළ යුතු වෙනවා. විශේ­ෂ­යෙන් මැති­ව­රණ ඡන්ද පැවැ­ත්වෙන ස්ථාන­ව­ලට එක් මධ්‍ය­ස්ථා­න­ය­කට නිල­ධා­රීන් දෙදෙ­නකු යොද­ව­නවා. ඊට අම­ත­රව ඡන්ද ගණන් කිරීමේ මධ්‍ය­ස්ථාන 51ට එක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­ර­ය­කුගේ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් පොලිස් නිල­ධා­රින් යොද­නවා. ඊට අම­ත­රව මාර්ග රාජ­කාරී, කැරලි මර්දන රාජ­කාරී සඳහා කණ්ඩා­යම් යොදවා තිබෙ­නවා. ඊට අම­ත­රව පොලිස් ස්ථාන­වල කුඩා කැරලි මර්දන කණ්ඩා­යම් යොදවා තිබෙ­නවා. ඒ වගේම තවත් ප්‍රධාන කැරලි මර්දන කණ්ඩා­යම් කොට්ඨා­ස­වල ස්ථාපිත කර­නවා.

ප්‍රධාන කැරලි මර්දන කණ්ඩා­යම් සියලු මැති­ව­රණ කොට්ඨා­ස­වල ස්ථාපිත කර තිබෙ­නවා. විශේෂ මෙහෙ­යුම් මැදි­රි­යක් පොලිස් මූල­ස්ථා­නයේ පිහි­ටුවා තිබෙ­නවා. මෙය පොලි­සිය, හමු­දාව, බුද්ධි අංශ නිල­ධා­රි­න්ගෙන් සම­න්වි­තයි. පළාත් 9ට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රුන්ගේ මූලි­ක­ත්ව­යෙන් යුතුව ඔවුන්ගේ අධී­ක්ෂ­ණය යටතේ මෙහෙ­යුම් මැදිරි 9 ක් ස්ථාපි­තයි. බුද්ධි නිල­ධා­රීන් යොදවා තිබෙ­නවා. මැති­ව­රණ දිනයේ පශ්චාත් මැති­ව­රණ කාල­සී­මාව තුළ මේ බුද්ධි අංශ නිල­ධා­රින් රාජ­කාරී කර­නවා. යම් සිදු වීමක් වාර්තා වුණොත් ඔවුන් විසින් ඊට අදාළ කරුණු මෙහෙ­යුම් මැදි­රි­ව­ලට යොමු කර­නවා. මේ අව­ස්ථා­වට මැති­ව­රණ කොමි­සමේ සාමා­ජි­ක­යන් වන එම්.ඒ.සී.ටී. පෙරේරා. අමීර් ෆාහිම්, ඒ. ෂර්මු­ග­නා­දන්, මහා­චාර්ය ලක්ෂ්මන් දිසා­නා­යක, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරු­ණා­රත්න මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට එක් වූහ.