හිටපු අගමැතිනිය ශෙයික් හසීනා ඉන්දියාවේ රැඳී සිටින තුරු දේශපාලන ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළක්වන ලෙස බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මොහොමඩ් යූනුස් ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශෙයික් හසීනා මේ වන විට මාසයකට වැඩි කාලයක් පුරා ඉන්දියාවේ රැඳී සිටින අතර, යළි බංග්ලාදේශයට භාර දෙන ලෙස ඉල්ලා සිටින තුරු ඇය රඳවා ගැනීම ඉන්දියාවේ බලාපොරොත්තු නම් කොන්දේසිය වන්නේ ඇය නිශ්ශබ්දව තබා ගැනීම බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බලයේ සිටි වසර 15ක කාලයේ ඉන්දියාව සමඟ සමීපව කටයුතු කළ ශෙයික් හසීනා බංග්ලාදේශයේ ක්‍රියාත්මක වන ඉන්දීය විරෝධී කැරලිකාර කණ්ඩායම් මර්දනය කිරීම හා දේශසීමා ආරවුල් සමථයකට පත් කිරීම හේතුවෙන් ඇය බලයේ සිටීම ඉන්දියාවේ ආරක්ෂාවට ද හිතකර වී තිබිණි. කෙසේ වෙතත් ඇය තවත් කොපමණ කාලයක් ඉන්දියාවේ රැඳී සිටින්නේදැයි යන්න මෙතෙක් තීරණය වී නැති බව ද වාර්තා වේ.