නරියාකන්ද ගිනිගනී

දියතලාව නරියාකන්දේ හටගත් හදිසි ගින්නකින් අක්කර පහක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය අද (16) පැවසීය. දියතලාව යුදහමුදා කඳවුර භූමියේ පිහිටි මෙම නරියාකන්ද රක්ෂිතයේ පෙරේදා (15) රාත්‍රි මෙසේ ගින්න හටගෙන ඇති අතර, පසුව දියතලාව යුදහමුදා කඳවුරේ යුදහමුදා නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරීන්, දියතලාව පොලිසිය එක්වී ආරක්ෂිත ගිනිපටි, කානු කපා පැතිර යමින් තිබූ ගින්න නිවා දැමීමට කටයුතු සිදු කළ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළේය.

මෙම නරියාකන්ද දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ෆොක්ස්හිල් මෝටර් රථ, යතුරුපැදි ධාවන තරග ද පැවත්වෙන නිසාවෙනි.

මෙම ගින්නෙන් නරියාකන්ද රක්ෂිතයේ ටර්පන්ටයින්, ෆයිනස් ගස් රැසක් විනාශ වී තිබේ.