මරණයකින් කෙළවර වූ ආරවුල

වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී ‍තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.