දුප්පතාගේ බැංකුකරු ලෙස කලක් බංග්ලාදේශයේ කීර්තියට පත්ව සිටි වත්මන් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක 84 හැවිරිදි මහාචාර්ය මොහොමඩ් යූනුස් එරට කම්කරු නීතිය උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරු වී මාස 6ක සිර දඬුවම් විඳි පුද්ගලයකු බවත්, හිටපු අගමැතිනිය ශෙයික් හසීනාට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවැරිමට ඔහු තීරණය කර ඇත්තේ පෞද්ගලික වෛරය පිරිමසා ගැනීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බංග්ලාදේශයේ දිළිඳු ජනතාවට ක්ෂුද්‍ර ණය පහසුකම් සැලසීමට ඔහු විසින් ආරම්භ කරනු ලැබූ ග්‍රාමීන් බැංකු පද්ධතිය ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වීමෙන් වසර 2006දී නොබෙල් ත්‍යාගයට ද හිමිකම් කී අතර, ඔහුට එරෙහිව එරට කම්කරු නීතිය යටතේ නඩු පවරා ඇත්තේ ග්‍රාමීන් බැංකු පද්ධතියේ සේවකයන්ට අර්ථ සාධක අරමුදල් පිහිටුවීමට අසමත්විම හේතුවෙනි. ඒ සඳහා පැමිණිලි ගොනු කරනු ලැබුවේ එම බැංකු පද්ධතියේ නිලධාරින් තිදෙනකු විසිනි.
මාස 6ක සිර දඬුවම් කාලසීමාව නිමාවිමෙන් පසු ප්‍රංශයේ පදිංචියට ගිය මහාචාර්යවරයා ශෙයික් හසීනාගේ රජය බිඳ වැටීමෙන් පසු යළි ගෙන්වා රටේ පාලනය භාර දීමට එරට ශිෂ්‍ය ව්‍යාපාරය පියවර ගෙන තිබිණි.
කම්කරු නීතිය උල්ලංඝනය කිරීමට අමතරව මහාචාර්යවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ තවත් සැක සහිත ගනුදෙනු සම්බන්ධව චෝදනා යටතේ නඩු 100කට ආසන්න සංඛ්‍යාවක් පවරා තිබූ බවත්, ඔහු අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පත්වීමෙන් පසු කිසිදු අධිකරණ සමාලෝචනයකින් තොරව ඔහුට එරෙහිව තිබූ සියලු නඩු ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.