විදත් වීසා සේවා විදේශ සමා­ගම් දෙක­කට ලබානොදී­මට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝ­ගය

ගුව­න්තො­ටු­පොළ ආශ්‍රි­තව විදත් වීසා ලබා­දීමේ සේවාව විදේශ සමා­ගම් දෙක­කට ලබා දීමට ගෙන ඇති තීර­ණය ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටුවා පෙර පැවති ක්‍රමයට වීසා නිකුත් කරන ලෙස නියම කර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය නිකුත් කළ අතුරු තහ­නම් නියෝග ක්‍රියා­ත්මක නොකි­රී­මෙන් අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් සිදු­කර ඇති බවට ආග­මන හා විග­මන පාලක හර්ෂ ඉලු­ක්පි­ටිය මහ­තාට එරෙ­හිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඊයේ (13) නියෝග කළේය. කෙටු­ම්පත් කළ එම චෝදනා පත්‍රය ලබන 25 වැනිදා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස පෙත්ස­ම්කාර පාර්ශ්ව­යට නියම කෙරිණ.

අදාළ වීසා ක්‍රම­වේ­දය අභි­යෝ­ග­යට ලක් කළ මූලික අයි­ති­වා­සි­කම් පෙත්සම් මෝස­මක් මඟින් කැඳවූ අව­ස්ථා­වේදී ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලී­මෙන් අන­තු­රුව ප්‍රීති පද්මන් සූර­සේන, කුමු­දුනි වික්‍ර­ම­සිංහ සහ අචල වෙංග­ප්පුලි යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල මෙම නියෝ­ගය නිකුත් කරන ලදි. හිටපු ඇමැති පාඨලී චම්පික රණ­වක, පාර්ලි­මේන්තු මන්ත්‍රී එම්.ඒ. සුම­න්ති­රන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර­සයේ නායක රවුෆ් හකීම් යන අය මෙම පෙත්සම් ඉදි­රි­පත් කර තිබුණි.

එම පෙත්සම් සම්බ­න්ධ­යෙන් පෙත්ස­ම්කාර මන්ත්‍රී­වරු ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රම­වේ­දය පෞද්ග­ලික සමා­ගම් දෙක­කට පැව­රී­මට අමාත්‍ය මණ්ඩ­ලය ගනු ලැබූ තීර­ණය ක්‍රියා­ත්මක කිරීම අත්හි­ටු­ව­මින් ඉකුත් අගෝස්තු මස 02 වැනිදා අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් කළේය. ඊට පෙර පැවති ක්‍රම­යට වීසා නිකුත් කිරීම පිය­වර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය එදින අතුරු නියෝ­ග­යක් නිකුත් කළේය. ආග­මන හා විග­මන පාල­ක­ව­රයා ඉදි­රි­පත් කළ මෝස­මක් අනුව මෙම පෙත්සම් ඊයේ කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් විවේකා සිරි­ව­ර්ධන මහ­ත්මිය කරුණු ඉදි­රි­පත් කළාය.

ප්‍රායෝ­ගික අප­හ­සුතා හේතු­වෙන් එම අතුරු තහ­නම් නියෝ­ගය ක්‍රියා­ත්මක කිරී­මට නොහැකි බව ආග­මන හා විග­මන පාල­ක­ව­රයා සිය මෝස­මෙහි සඳ­හන් කර ඇති බව ඇය සඳ­හන් කළාය. ජාතික ආර්ථි­කය හා සම්බන්ධ කරු­ණක් වන මෙම අතුරු තහ­නම් නියෝ­ගය ක්‍රියා­ත්මක නොකි­රී­මට ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට නොහැකි බවට විනි­සුරු මඬුල්ලේ සභා­පති විනි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා එහිදී සඳ­හන් කළේය.

මෙහිදී සාමා­ජික විනි­සුරු අචල වෙංග­ප්පුලි මහතා සඳ­හන් කළේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් මෙම අතුරු තහ­නම් නියෝ­ගය නිකුත් බවත් එය වග­උ­ත්ත­ර­කරු අම­තක නොකළ යුතු බවත්ය. එම නියෝ­ගය අනුව කට­යුතු කිරීම ආග­මන හා විග­මන පාල­ක­ව­ර­යාගේ වග­කීම බව විනි­සු­රු­ව­රයා සඳ­හන් කළේය. පෙත්ස­ම්කාර පාර්ලි­මේන්තු මන්ත්‍රී සහ ජනා­ධි­පති නීතිඥ ඒම්.ඒ. සුම­න්ති­රන් මහතා එහිදී සඳ­හන් කළේ මොබි­ටෙල් ආය­ත­නය මෙම අතුරු තහ­නම් නියෝ­ගය අනුව කට­යුතු කිරී­මට සූදා­නම් යැයි ලිඛි­තව දැනුම් දී තිබු­ණද ආග­මන හා විග­මන පාල­ක­ව­රයා ඊට අනු­කූ­ලව කට­යුතු කර නොමැති බවය. කලින් පැවැති ඊ වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මට මොබි­ටෙල් ආය­ත­නය එක­ඟ­තා­වය පළ කළ ද ආග­මන හා විග­මන පාල­ක­ව­රයා ඊට අනු­මැ­තිය දී නැති බව ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

අධි­ක­ර­ණය විසින් නිකුත් කළ මෙම අතුරු තහ­නම් නියෝ­ගය ක්‍රියා­ත්මක නොකි­රීම මඟින් වග­උ­ත්ත­ර­කරු අධි­ක­ර­ණ­යට අප­හා­ස­යක් සිදු­කර ඇති බවය. ඒ අනුව ඔවුන්ට එරෙ­හිව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම යටතේ චෝදනා ගොනු කිරී­මට නීති­ප­ති­ව­රයා කට­යුතු කළ යුතු බවත් ජනා­ධි­පති නීති­ඥ­ව­රයා පෙන්වා දුන්නේය. පෙත්ස­ම්කාර පාර්ලි­මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා එහිදී සඳ­හන් කළේ මෙම අතුරු තහ­නම් නියෝග ක්‍රියා­ත්මක නොකි­රීම හේතු­වෙන් මෙරට සංචා­රක කර්මා­න්ත­යට දැඩි අග­ති­යක් සිදු වූ බවය. ආග­මන හා විග­මන පාල­ක­ව­රයා හිතා­ම­තාම මෙම අධි­ක­රණ නියෝ­ගය ක්‍රියා­ත්මක කිරීම පැහැර හැර ඇති බවට ඔහු චෝදනා කළේය.

අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම යටතේ ඔහුට එරෙ­හිව චෝදනා ගොනු කරන ලෙසත් ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය. පෙත්ස­ම්කාර පාඨලී චම්පික රණ­වක මහතා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් මෙම නියෝ­ගය ක්‍රියා­ත්මක නොකි­රීම හේතු­වෙන් විශාල අර්බු­ද­කාරී තත්ත්ව­යක් ඇති වී ඇති බවය. සංචා­ර­ක­යින් මෙර­ටට පැමි­ණීම අධෛ­ර්ය­මත් කිරී­මට එය හේතු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. විධි­මත් ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලි­ය­කින් තොරව ක්‍රියා­ත්මක කළ මෙම වැඩ­පි­ළි­වෙළ නිසා බිලි­යන 3.8ක් අයුතු ලෙස උප­යා­ගෙන ඇති බවත් මෙවැනි අයුතු ක්‍රියා නිසා ශ්‍රී ලංකාවේ කීර්ති නාම­යට දැඩි කැල­ලක් සිදු­වන බවත් සඳ­හන් කර සිටි­යේය.

ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ අධි­ක­ර­ණය මේ පිළි­බ­ඳව කරුණු විම­සීම සඳහා ආග­මන හා විග­මන පාල­ක­ව­ර­යාට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින ලෙස නියෝ­ග­යක් නිකුත් කළේය. ඔහු විදේ­ශ­ගත වී සිටින බව පසුව අනා­ව­ර­ණය විය. ඒ වෙනු­වට වැඩ­බ­ලන ආග­මන හා විග­මන පාල­ක­ව­රිය සහ එම දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් යන අය අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යහ. ආග­මන හා විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ තොර­තුරු තාක්ෂණ පාලක ඉන්දික හේරත් මහතා එහිදී සාක්ෂි කූඩුවේ සිට සාක්ෂි ලබා දුන්නේය. මෙම අධි­ක­රණ නියෝ­ගය සම්බ­න්ධ­යෙන් තමා දැනු­වත්ව සිටි­යද එය ක්‍රියා­ත්මක කරන ලෙස ආග­මන හා විග­මන පාල­ක­ව­ර­යා­ගෙන් උප­දෙස් නොලැ­බුණු බව ඔහු සඳ­හන් කළේය.

එම හේතුව නිසා කලින් පැවැති ආකා­ර­යට විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලිය ස්ථාපිත කිරී­මට නොහැකි වූ බව ඔහු කියා සිටි­යේය. එම සාක්ෂි විම­සී­මෙන් අන­තු­රුව අධි­ක­ර­ණ­යට අප­හාස කිරීම සම්බ­න්ධ­යෙන් ආග­මන විග­මන පාල­ක­ව­ර­යාට එරෙ­හිව පිය­වර ගැනී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය. අග­මැති ප්‍රමුඛ කැබි­නට් මණ්ඩ­ලය, විද්‍යුත් වීසා සේවාව ලබා ගැනීම සඳහා නම් කර ඇති විදේ­ශීය සමා­ගම් සහ නීති­ප­ති­ව­රයා මෙම පෙත්ස­ම්වල වග­උ­ත්ත­ර­ක­රුවෝ වෙති. මෙරට අන්ත­ර්ජා­තික ගුව­න්තො­ටු­ප­ළ­වල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ මෙතෙක් පැවති සේවාව මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කර­මින් විදෙස් සමා­ගම් ඇසු­රෙන් ලබා ගැනී­මට ඇමැති මණ්ඩ­ලය තීර­ණය කර ඇතැයි පෙත්ස­ම්ක­රුවෝ කියා සිටිති.

මේ නිසා වීසා ගාස්තු විශාල ලෙස ඉහළ යන අතර මෙර­ටට ලැබෙන ආදා­යම වෙනත් පාර්ශ්ව­ව­ලට යැවී­මක් එම­ඟින් සිදු වන බවට පෙත්සම් මඟින් පෙන්වා දී ඇත. මෙම විද්‍යුත් වීසා ලබා දී සේවාව විදේ­ශීය සමා­ග­ම්ව­ලට ලබා දීම හේතු­වෙන් රටේ වැද­ගත් ආර­ක්ෂක තොර­තුරු වෙනත් පාර්ශ්ව­ය­කට අනා­ව­ර­ණය වීමේ අව­දා­න­මක් ඇති බැවින් එය ජාතික ආර­ක්ෂා­වට තර්ජ­න­යක් විය හැකි බවට පෙත්සම් මඟින් පෙන්වා දී ඇත.