ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙටින් අවසන්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම හෙට දිනයෙන් (14) අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80%ක පමණ ප්‍රමාණයක් මේ වනවිට බෙදා අවසන් කර ඇති බවයි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර සිටියේ.

මෙහිදී ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින් හට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි බව ඒ මහතා සඳහන් කර සිටියා.