ඇල්පිටියේ නාම යෝජනා භාර ගැනීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (12) දහවල් 12ට අවසන් කෙරුණා

ඒ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදු කර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළමුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා භාර දුන් අතර සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය යන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද නාමයෝජනා භාරදී ඇති බව සඳහන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයේ (11) දිනයෙන් අවසන් වුණා.

ඒ අනුව දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා